‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’ විදහා පාන ලෙස චීන ජනාධිපතිවරයාගෙන්‘ෂී අන් ජියාඕ ටොන්ග්’ විශ්ව විද්‍යාල‍යේ ගුරු සිසුන්ට උපදෙස්

2020-04-25 18:11:50
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ෂාන් ෂී පළාතේ ‘ෂී අන් ජියාඕ ටොන්ග්’ විශ්ව විද්‍යාල‍යේ නිරීක්ෂණය කිරීමේදී, ‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’ විදහා පාන ලෙස එහි ගුරු සිසුන් දිරිමත් කළේය.

‘බටහිරට සංක්‍රමණයේ ජීවගුණය’යන කතාව ආරම්භ වූයේ පසුගිය 50 දශකයේ සිටය. රටේ කර්මාන්ත සංවර්ධන අවශ්‍යතාව සඳහාත් බටහිර චීනයේ ආර්ථික වර්ධනයට අනුබලය දැක්වීමටත් එවක ‘ජියාඕ ටොන්ග් විශ්ව විද්‍යාලය’ සමෘද්ධිමත් ෂැන්හයි නගරයේ සිට කටුක පහසුකම් ඇති ෂී අන් නගරයට මාරු කිරීමට චීන නායකයෝ තීරණය කළහ. ගුරුවරුන් හා සේවකයින් 1400ක් හා සිසූ සිසුවියන් 3000ක් නොපැකිළව බටහිර සංක්‍රමණික මෙහෙයුමට එක් වූහ.

ගෙවී ගිය වසර 60ක් තුළ ෂී අන් ජියාඕ ටොන්ග් විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් හා සිසූ සිසුවියන් රටේ සංවර්ධනය වෙනුවෙත් දැවැන්ත දායකත්වයක් සිදු කර ඇත. ඔවුන්ගේ කැපවීම චීන ජාතික ජීවගුණයේ පිළිබිඹුවක් හා ආදර්ශයක් ලෙස ද සැලකේ.  

ඔවුන් සේ රටේ සංවර්ධනයට පරාර්ථකාමී ව දායක වූ චීන ජනතාව අප්‍රමාණය. ඔවුන්ගේ කතාන්දර දැන ගෙන චීනයේ දිළිඳු ජනගහණ කෝටි 80ක් ඉන් මිදීමට හැකි වීම පිළිබඳව වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. චීන ජනාධිපතිවරයා ෂාන් ෂී පළාතේ නිරීක්ෂණය කරන විට, මෙම වස‍ර තුළ දිළිඳුකම රටෙන් නිදහස් කිරීම පිළිබඳ දැඩි විශ්වාසයක් පළ කිරීමේ පදනම ද වටහා ගත හැකිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති