තමන්ගේ වරද අන් රටවලට පවරන ඇමරිකාව චීනයට එරෙහිව පැමිණිලි කිරීමේ අසාර්ථක උත්සාහයක

2020-04-24 19:59:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පවතිද්දී ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් කලබලෙන් චීනයට එරෙහිව පැමිණිලි කරමින් වන්දි ඉල්ලීමේ උපාය ක්‍රියාත්මක කර ඇත. Missouri ප්‍රාන්තයේ නීතිපති Eric Schmitt හා Mississippi ප්‍රාන්තයේ නීතිපති Lynn Fitch වන්දි ගෙවන ලෙස චීන රජයට එරෙහි පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒවා සිය වරද අන් රටවලට පවරා දීමේ අරමුණෙන් සිදු කළ ද්වේශය සපිරි මෙන්ම නීති පදනම හා සත්‍ය සාක්ෂි විරහිත ක්‍රියාවන් බව පෙන්වා දිය යුතුය.

කොරොනා වසංගතය ආරම්භ වීමෙන් පසු ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් ජන ජීවිතය මඟ හැර සිය දේශපාලන වාසී දිනා ගැනීමට උත්සාහ කරමින් සිටිති. හැම විටම තමාගේ වගකීම් හා වරද සෙසු රටවලට පවරා දීමට පුරුදු ව සිටින ඔවුන්, රටේ වසංගත පාලනය සඳහා වූ අගනා කාල වකවානුවක් නාස්ති කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසට, ඇමරිකාව දැනට ඛේදජනක වසංගත තත්ත්වයක පසු වේ. ඒ පමණක් නොව, ජගත් ප්‍රජාව තුළ ගැටළු තත්ත්වයන් ඇති කිරීමට ද ඔවුහූ තැත් කරති. ඔවුන්ගේ ‍දේශපාලන උපාය ගෝලීය වසංගත පාලන සහයෝගතාවට බැරෑරුම් සේ හානි කර තිබේ. වසංගතය සඳහා වන්දි ඉල්ලන්නේ නම්, ඇත්ත වශයෙන්ම ඉල්ලා සිටිය යුත්තේ ඇමරිකාවේ එම දුෂ්ට දේශපාලනඥයින්ගෙන් බව පැහැදිලිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති