චීනය හරිත සංවර්ධන මාර්ගය ඔස්සේ ඉදිරියට

2020-04-24 19:32:34
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Shaanxi පළාතේ නිරීක්ෂණය කරන විට විශේෂයෙන්ම එහි ජෛව සුරැකුම් තත්ත්වය පිළිබඳව උපදෙස් දුන්නේය. ‘චින්ලිං’ කඳුකරයේ නීති විරෝධීව සුඛෝපභෝගී නිවාස ඉදි කිරීමේ සිද්ධිය පිළිබඳව ඔහු එහි ප්‍රාදේශීය නිලධාරීන්ට අනතුරු අඟවා ඇත.

‘ජෛව ශිෂ්ටාචාරත්මක සංවර්ධනය’ යන්න චීන ජනාධිපතිවරයා රට තුළ සිදු කළ චාරිකා රැසක් අතර නිරීක්ෂණයට ලක්වූ වැදගත් තේමාවක් විය. පසුගිය මාර්තු මාසයේ Zhejiang පළාතේ අන් ජී ගම්මානය, හන්චව් ‘ශීෂී’ තෙත්බිම් උද්‍යානයේ සිදු කළ සංචාරවලින් අනතුරුව ඔහු මෙවර Shaanxi පළාතේ සංචාරය තුළදී යළිත් වරක් ජෛව සුරැකීමට අවධානය යොමු කර ඇත.

‘මිනිසුන් කොළ පාටැති කඳුකරයට හානි සිදු නොකළොත්, කඳුකරයත් මිනිසුන්ට හානි නොකරයි.’ කියා Shaanxi පළාතේ සිටියදී ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. කොපමණ අසීරුතා හමුවේ වුවද, චීනය හරිත සංවර්ධන මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ අධිෂ්ඨානය මෙයින් යළිත් පැහැදිලි වී තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති