චීන ජනපතිගේ Shaanxi පළාතේ නිරීක්ෂණ චාරිකාවෙන්, රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය නියමිත සැළැස්මට ඉටු කිරීම පිළිබඳ චීනයේ පූර්ණ විශ්වාසය විදහා පා ඇත

2020-04-24 00:32:28
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නියමිත ක්‍රියාමාර්ගයට අනුව, චීනය මෙම වස‍ර තුළදී දරිද්‍රතාව මුළුමනින් තුරන් කොට සුවපහසු සමාජයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ. එහෙත් අනපේක්ෂිතව සිදු වූ නව කොරොනා වසංගතය එම ඉලක්කය ඉටු කිරීමේදී අසීරුතා ගෙන දී ඇත. එම නිශ්චිත ඉලක්කය සම්පූර්ණ කිරීමට තව දින 200කට වැඩි කාලයක් තිබේ. එම ඉලක්කය සැබෑ කළ හැකි ද?

පසුගිය 20 වනදා සිට 23 වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා Shaanxi පළාතේ නිරීක්ෂණය කළේය. කර්මාන්ත සංවර්ධනය, රැකියා නියුක්තිය ප්‍රවර්ධනය, සෞඛ්‍ය සේවාව හා අධ්‍යාපනය යහපත් කිරීම යනාදී ක්‍රිමවලින් දිළිඳුකම තුරන් කිරීම සඳහා ෂී ජින්පිං මහතා එම චාරිකාවේ දී මාර්ගෝපදේශ ඉදිරිපත් කළේය. චීනයට නියමිත සැලැස්මට අනුව දරිද්‍රතාව පිටුදැකීමේ ඉලක්කය සැබෑ කළ හැකි වීම පිළිබඳ පැහැදිලි සංඥාවක් එමගින් නිකුත් කර ඇත.

ෂී ජින්පිං මහතා විශේෂයෙන්ම අධික දිළිඳු තත්ත්වයේ පවතින ‘චින්බා’ කඳුකර ප්‍රදේශයට පැමිණියේය. එහි වගා හා තේ වතු කර්මාන්තය නිරීක්ෂණය කොට ඔහු සමාජ ප්‍රජාවක, රෝහලක හා ප්‍රාථමික පාසලක නිරීක්ෂණයට ද එක් විය. දිළිඳු ජනගහණයේ ආහාර පාන හා ඇඟලුම් ප්‍රමාණවත් සේ සහතික කරමින් ඔවුන්ගේ අනිවාර්ය අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය පහසුකම්, නිවාස ආරක්ෂාව සහතික කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය. ඒවා චීනයේ ‘දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය’ පිළිබඳ මූලික ප්‍රමිතීන් ලෙස ද සැලකේ.

වසංගතය දිළිඳු තත්ත්වයේ සිටින ජනතාවගේ රැකියා නියුක්තියට බලපා ඇත. Shaanxi පළාත නිරීක්ෂණය කිරීමට පෙර ෂී ජින්පිං මහතාගේ සහභාගීත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ පැවති රැස්වීමකදී, විශේෂයෙන්ම ජන ජීවිතයට අදාළ ක්ෂේත්‍ර හයක් පිළිබඳ උපදෙස් ඉදිරිපත් කෙරිණ. පුරවැසියන්ගේ රැකියා නියුක්තිය සහතික කිරීම සහ ජනතාවගේ මූලික ජීවිතය සහතික කිරීම යන ක්ෂේත්‍ර දෙකට ප්‍රමුඛත්වය ලබා දෙමින්, ප්‍රධාන වෙළෙඳපොලේ විධිමත් තත්ත්වය සහතික කිරීම, ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීම, කර්මාන්ත හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහතික කිරීම, මූලික මට්ටමේ ආයතනවල ක්‍රියාකාරීත්වය සහතික කිරීම යන උපදෙස් ද ඉදිරිපත් කෙරිණ. මෙවර Shaanxi පළාතේ සංචාරයේ දී චීන ජනාධිපතිවරයා දරිද්‍රතාව පිටුදැකීමේ කටයුතු සඳහා සවිස්තරාත්මක සැකසුම් ද සිදු කර ඇත.

වසර 2020 දී චීනයට සිය දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගත හැකි වුවහොත්, එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන වැඩසටහනේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය ද වසර 10කින් කල් ඇතිව සැබෑ කිරීමට අපේක්ෂා කළ හැකිය. ඇමරිකානු Kuhn අරමුදලේ සභාපති Robert Lawrance Kuhn මහතා පැවසූ අන්දමට, චීනයේ පෙර නොවූ විරූ දිළිඳුකම තුරන් කිරීමේ මෙහෙයුම, මානවයාගේ ජීවිත පහසුකම් යහපත් කරලීමට සිදු කළ දැවැන්තම දායකත්වය ලෙස අනාගතයේ ඉතිහාසඥයන් ලෝක ඉතිහාසයේ සටහනට එකතු කරනු ඇත.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති