චීනයේ ඛනිජ රසායනික ව්‍යාපෘතියක් ඇරඹීමට ඇමරිකාව ඇ.ඩො. බිලියන දහයක් ආයෝජනය කරයි

2020-04-23 20:01:21
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ බෙයිජිං, හුයිචෞ හා ඇමරිකාවේ ඩාලස් යන නගර තුන ඊයේ(22) අන්තර් ජාලය මගින් ඒකාබද්ධව සුවිශේෂ උළෙලක් පැවැත්වීය. ඇ.ඩො. බිලියන දහයක ආයෝජනයක් ඇති ඇමරිකාවේ ExxonMobil සමාගමේ හුයිචෞ ඊතේන් ව්‍යාපෘතියේ ආරම්භය ඉන් සනිටුහන් විය. ඇමරිකානු ව්‍යාපාරයේ අනන්‍ය ආයෝජනය ඇතිව චීනයේ සංවර්ධනය කෙරෙන ප්‍රථම විශාල පරිමාණයේ ඛනිජ රසායනික ව්‍යාපෘතිය වශයෙන්, එය ආරම්භ කිරීමේ කාල වකවානුව ද අවධානය යොමු කළ යුතු කාරණාවකි.

දැනට ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් පවතී. සැපයුම්-ඉල්ලුම් අසමබරතාව බැවින් ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල අඛණ්ඩව විචල්‍ය වන අතර, පහල යමින් පවතී. මේ අවස්ථාව මධ්‍යයේ ExxonMobil සමාගම චීනයට විශාල පරිමාණයේ ආයෝජනයක් සිදු කිරීම, එම ලෝක ප්‍රසිද්ධ ඛනිජ රසායනික දැවැන්තයා චීනය කෙරේ දරන ස්ථිර විශ්වාසය හා සාර්වශුභවාදී ආකල්පය පැහැදිලිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති