හිතාමතාම කුපිත කිරීමෙන් චීන-අප්‍රිකානු සබඳතා කිසිසේත් විනාශ කරන්නට බැහැ

2020-04-22 19:49:18
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෑතකදී, ඇමරිකානු ඇතැම් පුද්ගලයින් "අප්‍රිකා ජාතිකයන්ට චීනයේ ගුවන්චෞ හි වෙනස්කම් කරනු ලැබේ" යන ඊනියා කටකතා පතුරුවා තිබේ. ගුවන්චෞ හි ඇමරිකානු මහා කොමසාරිස් කාර්යාලය ද කියා සිටියේ ගුවන්චෞහි සිටින අප්‍රිකානු සම්භවය ලත් ඇමරිකානු එතෙර පුරවැසියන් වෙනස්කම් කිරීම් වලට මුහුණ දෙන බවයි. ඇමරිකානු එම ප්‍රකාශයන්හි පදනම් රහිත බව පැහැදිලිව දක්නට ලැබේ. ඔවුන්ගේ අරමුණ, චීනය සහ අප්‍රිකාව අතර ගැටුම අවුස්සමින් චීන වසංගත මර්දනය “වාර්ගික වෙනස්කම් කිරීම”ලෙස ලේබල් කර චීනයට එරෙහිව අපකීර්තිමත් ප්‍රහාරයක් දියත් කිරීම ය.

චීනය අප්‍රිකානු මිතුරන්ට සලකන ආකාරය අප්‍රිකානු මිතුරන් හොඳින් අවබෝධ කර ගෙන සිටිති. චීනය සහ අප්‍රිකාව අතර මිත්‍රත්වය දීර්ඝ කාලයක් තිස්සේ පරීක්ෂණයට පෙනී සිටී. කටකතා අවුස්සමින් එය වෙනස් කරන්නේ කෙසේද?

චීනය විසින් ගනු ලබන වර්තමාන පියවර “නිවැරදි වසංගත විරෝධී අරමුණු සඳහා”ය. එය චීන ජාතිකයින්ගේ සහ චීනයේ සිටින විදේශිකයන්ගේ සෞඛ්‍යයට බෙහෙවින් වගකීම් දැරීමකි. විදේශිකයන්ට කිසි විටෙකත් වෙනස් කොට සැලකීමක් සිදු නොවේ.

ගුවන්චෞ නගරය මෑතකදී සියලුම අධි අවදානම් පිරිස් සහ ගුවන් ගමන් පිළිබඳව ප්‍රධාන පරීක්ෂණයක් පවත්වා ඇති අතර පුද්ගලයින් 15000 ක් සඳහා නිවාස හෝ මධ්‍යගත හුදෙකලා කිරීමක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර 4600 කට වැඩි පිරිසක් අප්‍රිකානු සම්භවය ලත් ජාතිකයන් සහ රුසියාව, ඇමරිකා හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 13 ක ජාතිකයන් වෙති. ඊනියා "අප්‍රිකානු රටවල සම්භවය ලත් ජාතිකයන්ට එරෙහිව" යන්න හුදෙක් පිළිගත නොහැකිය.

චීනය දේශීය වසංගත නිවාරණය සඳහා උත්සාහ දැරීමත් සමඟ අප්‍රිකානු රටවලට වසංගත මර්දන ද්‍රව්‍ය සපයා දෙමින් වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් යවා ඇති අතර අප්‍රිකා රටවලට වසංගතය මැඩපැවැත්වීමේ අත්දැකීම් ද බෙදා දී තිබේ. චීනය හා අප්‍රිකාව යනු හොඳ මිතුරන් හා හොඳ හවුල්කරුවන් ය. චීන අප්‍රිකා සබඳතාවලට ඉතිහාසය හා කාලය පිළිබඳ පරීක්ෂණයට මුහුණ දිය හැකිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති