ඇමරිකාවේ Western Texas බොර තෙල් මිල ඍණ අගයක් වාර්තා කරයි

2020-04-21 20:40:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2020 වසරේ අප්‍රේල් මස 20 වන දින ලෝක බොර තෙල් වෙළෙඳපොලේ ප්‍රධාන ප්‍රමිතිගත මිල දර්ශක තුනෙන් එකක් වන ඇමරිකාවේ Western Texas බොර තෙල් වෙළඳපොලේ මැයි මාසයේ අපේක්ෂිත වටිනාකම, සියයට 300කින් පහල ගොස් ඇත. එම මිල බැරලයකට ඍණ 37.63ක් ලෙස වාර්තා වීම ලෝ වැසියන්ගේ පුදුමයට හේතු වීතිබේ. තෙල් මිල ඍණාත්මක ව පවතින්නේ නිව්යෝර්ක් වාණිජ ගනුදෙනු ආයතනය වසර 1983නේ බොර තෙල් අනාගත වෙළඳාම ආරම්භ කිරීමෙන් පසු පළමු වරටය.

මෙම සංසිද්ධියට ප්‍රධාන හේතුවක් වන්නේ නව කොරොනා වසංගතය බැවින් ගෝලීය ආර්ථිකය අත්හිටුවීමෙන් බොර තෙල් සඳහා අවශ්‍යතාව ඉමහත් සේ පහල යාම බව විශ්ලේෂකයෝ පවසති.

වෛරසයක විනාශකාරී හැකියාවට මෙය මනා පිළිබිඹුවකි. වෛරසයට මුහුණ දීමේ දී ලෝ වැසියන් එකම නෞකාවකින් ඉදිරියට ගමන් කරන ප්‍රජාවක් සේය. දුෂ්කරතා මඟ හැර ප්‍රාග්ධන වෙළෙඳපොලේ විධිමත් ක්‍රියාකාරීත්වය පවත්වා ගත හැක්කේ සමගියෙන්, සහයෝගතාවෙන් පමණක් බව පෙන්වා දිය යුතුය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති