‘වූහන් වෛරස් පර්යේෂණ ආයතනය’ පිළිබඳව ඇමරිකාව සිදු කළ ප්‍රචාරය හේතු රහිත අසත්‍යක්

2020-04-21 20:22:04
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව කොරොනා වෛරසය ආරම්භ වූයේ චීනයේ ‘වූහන් වෛරස් පර්යේෂණ ආයතනයෙන්’ බවත් ඇමරිකාව මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් ඇමරිකානු Fox News මාධ්‍ය ආයතනය පසුගිය 19 වනදා වාර්තා කළේය.

වූහන් වෛරස් පර්යේෂණ ආයතනය, ඇමරිකාව හා ප්‍රංශය ඇතුළු රටවල විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය සමග සමීප සහයෝගතාවක් ඇති ආයතනයකි. එහි සිව්වැනි මට්ටමේ ජෛව ආරක්ෂක පරීක්ෂණාගාරය වැදගත් චීන-ප්‍රංශ අන්තර් රාජ්‍ය විද්‍යා තාක්ෂණික සහයෝගතා ව්‍යාපෘතියකි. එම ආයතනයේ වෘත්තීය මට්ටම පිළිබඳව සැකයක් නොමැත.

නව කොරොනා වසංගතය පැතිර යමින් පවතිද්දී වූහන් වෛරස් පර්යේෂණ ආයතනය අදාළ වෛරස් පර්යේෂණ කටයුතුවල නියැළී සිටියි. ලෝක සෞඛ්‍යසංවිධානය වෙත වෛරසයේ ජානමය අනුක්‍රමික තොරතුරු සපයා දෙනු ලැබුවේ එම ආයතනය විසිනි.

නව කොරොනා වෛරසය ඇති වූයේ ස්වභාවයෙන් ද කෘත්‍රිම නිෂ්පාදනයෙන් ද යන්න පිළිබඳව ප්‍රධාන ජගත් විද්‍යා ක්ෂේත්‍රය පැහැදිලි විනිශ්චයක් සිදු කර ඇත. කෙසේ වුවද, එම වෛරසය පරීක්ෂණාගාරයකින් ආරම්භ වීම පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රකට විද්‍යාඥයින් හා විශේෂඥයින් ගේ පොදු අදහසක් වෙයි.   

 වෛරසයක ප්‍රභවය සොයා ගැනීම බරපතල විද්‍යාත්මක ප්‍රශ්නයකි. චීනය මේ පිළිබඳව පරීක්ෂණය සිදු කරමින් සිටියි. චීනය විසින් එම කටයුත්ත මෙහෙයවීම හේතු සහගත කාරණාවක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහූ පෙන්වා දෙති. ඇමරිකාව විද්‍යාත්මක ආකල්පයෙන් වෛරසයේ ආරම්භය සොයා ගැනීමට කැමති වුවහොත් චීනය සමග සහයෝගතා පැවැත්වීම සුදුසු බව පැහැදිලිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති