කොරොනා බිය උපයෝගී කරගනිමින් චීනයට මඩ ගැසීමට බටහිර ජාතීන්ගේ තවත් උත්සාහයක් 

2020-03-25 19:56:41
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“චීන වෛරසය”හා“වු හාන් වෛරසය”ඇමරිකානු දේශපාලනඥයන් විසින් මෑතදී නිර්මාණය කරනු ලැබීම සමග ඇතැම් බටහිර ජාතිකයෝ දැන් චීනයට එරෙහිව තවත් බොරු කතන්දර ගොතමින් සිටිති. චීනයෙන් මිළදී ගත් භාණ්ඩවල කොරොනා වෛරසය තිබෙන බවයි ඔවුන් කියා සිටින්නේ. කොරොනා වෛරසය කිසිදු චීන නිෂ්පාදිතයක් මගින් හෝ කොරොනා ආසාදිතයන් හමු වූ රටක කිසිදු නිෂ්පාදිතයක් මගින් හෝ බෝ නොවන බව මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ලොව විශාලතම වෛද්‍ය ආරක්ෂිත ඇඳුම් හා මුඛ ආවරණ නිෂ්පාදන රට වන්නේ චීනයයි. චීනය සිය දේශීය කොරොනා වසංගත පාලන අවශ්‍යතා සපුරාලන අතර හැකි තරමින් පාකිස්ථානය, ඉරානය, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව සහ අප්‍රිකානු ලීගය ඇතුළු රටවල් හා කලාපීය සංවිධානවලට හදිසි වෛද්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් සිටී. ඒ, චීනයේ පරිත්‍යාගශීලිත්වය හෙයිනි. මේ වන විට කොරොනා වෛරසය රටවල් හා ප්‍රදේශ 180කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වී තිබේ. චීනය නිෂ්පාදනය කළ වෛද්‍ය ආරක්ෂිත ඇඳුම්, මුඛ ආවරණ හා ශ්වසන ආධාරක ස‍ඳහා ලොව පුරා විශාල ඉල්ලුමක් පවතී.

ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් චීන නිෂ්පාදිතයන්හි කොරොනා වෛරසය සැඟවෙන බව කියා සිටිය ද එම රටවලට චීනය නිෂ්පාදනය කළ වසංගත නිවාරණ භාණ්ඩ අවශ්‍ය බව වාර්තා වේ. ඇමරිකාවේ බරපතල ම කොරොනා වසංගත තත්ත්වය පවතින නිව්යෝර්ක් ප්‍රාන්ත ආණ්ඩුකාර Andrew Cuomo මහතා පසුගිය දා පැවසුවේ සිය ප්‍රාන්තයට ශ්වසන ආධාරක 30 දහසක් අවශ්‍ය වුව ද දැනට තිබෙන්නේ 6 දහසක් පමණ බවයි. එම අවශ්‍යතාව සපුරාලීමට චීනයෙන් ශ්වසන ආධාරක මිළදී ගැනීමට කටයුතු කර ඇතැයි ඔහු කියා සිටී. ඇතැම් බටහිර ජාතිකයන්ට අවශ්‍ය වන්නේ කිසිවක් නොව කොරොනා බිය උපයෝගී කර ගනිමින් චීනයට මඩ ගැසීම යැයි මෙවන් වාර්තා තුළින් අපට පැහැදිලි ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති