වසංගත පාලනය සක්‍රිය ප්‍රගතියක් අත්කර ගැනීමෙන් පසු සංවර්ධන ඉලක්ක සපුරාලීමට චීනයෙන් සැලසුම්

2020-02-13 19:04:36
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


අනපෙක්ෂිතව මතු වූ කොරොනා වසංගතය, චීනයට දැවැන්ත අභියෝගයක් එල්ල කර තිබේ. මේ පිළිබඳව ලෝකය නෙත් යොමු කර සිටින්නේ දැඩි සැලකිල්ලෙනි. ලොව දෙවැනි විශාලම ආර්ථිකය හිමි රට වශයෙන් චීනය, අවුරුදු ගණනාවක් තිස්සේ ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් 30%ක දායකත්වය ලබා දී සිටී. කොරොනා ‍වසංගතයෙන් ‍චීන ආර්ථිකයට කෙතරම් බලපෑමක් ඇති වන්නේ දැයි, ජගත් ප්‍රජාව නැගූ ප්‍රශ්නයට, චීන රජයෙන් සක්‍රිය පිළිතුරක් ලැබී තිබේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු රැස්වීමක් පැවැත්විණ. එහිදී චීන නායකයන් වත්මන් වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින්, එහි පාලන කටයුතු තවදුරටත් විමර්ශනය කර ඇත. චීනයේ ‍කොරොනා වසංගත පාලනය

සක්‍රිය ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත්, වසංගත නිවාරණයට සමගාමී ව, චීන රජය රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය ඉදිරියට ගෙන යන බවත්, එම රැස්වීමෙන් නිකුත් කෙරුණු වැදගත් පණිවිඩ වේ. වසංගත පාලනය සක්‍රිය ප්‍රගතියක් අත්කර ගැනීමෙන්, මේ වසරේ චීනය සිය සංවර්ධන ඉලක්ක සපුරාලීමට ඵලදායී තත්වයක් නිර්මාණය කරනු ඇතැයි,විශ්වාස කෙරේ. ‍

යථා තත්වයට පත් වූ චීන ‍දේශීය ව්‍යවසායන් සංඛ්‍යාව, මේ වන විට දිනෙන් දින වැඩි වෙමින් පවතී. කොරොනා ‍වසංගත තත්වය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින දේශීය ව්‍යවසායන්ට, විවිධ සහන ලබා දීමට ඊයේ පැවති එම රැස්වීමේදී තීරණය කෙරිණ. එමෙන් ම චීනයේ විදේශ ව්‍යවසායන් යථා තත්වයට පත් කිරීම සඳහා අනුග්‍රාහක පියවර රැසක් ගන්නා බව චීන රජය පවසයි. කොරොනා වෛරසයට එරෙහි මෙම සටනින් ජයගෙන, සංවර්ධන ඉලක්ක පූර්ණ වශයෙන් සපුරාලීමට චීනයට අතශවශ්‍ය වන්නේ, වෙන කිසිවක් නොව, ජාතික සමගිය යැයි, ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත. සමස්ත චීන ජනතාව එම සමගියෙන් යුතුව වසංගත තත්වයට මුහුණ දෙමින් සිටිති.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති