චීන විදේශ වෙළඳාමේ වර්ධනයක්

2020-01-14 19:20:19
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන රේගු මහා පරිපාලනය අද (14) නවතම සංඛ්‍යා ලේඛන නිකුත් ක‍ර තිබේ. 2019 වසරේ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 31.54ක් බව එම සංඛ්‍යා ලේඛන හෙළි කරයි. එය 2018 වසරට වඩා 3.4%ක වර්ධනයකි. මෙතෙක් ඉහළ ම ආනයන හා අපනයන ප්‍රමාණය චීනය ලබාගෙන ඇත්තේ‍ 2019 වසරේදී ය.

එහෙත්‍ 2019 වසරේ ගෝලීය වශයෙන් විදේශ වෙළඳාම පසු වූයේ ඉතා මන්දගාමී තත්වයේ බව සත්‍යයකි. ඒකපාර්ශ්වවාදය හා වෙළඳ ආරක්ෂණවාදය එම තත්වයට බලපා තිබේ. මෙවන් පසුබිම යටතේ චීන විදේශ වෙළඳාම තවත් වර්ධනය වී ගෝලීය ආර්ථිකය පහළ යාමේ වේගය අඩු කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ගෙවී ගිය වසරේ චීනයේ ආනයන හා අපනයන ව්‍යූහය අඛණ්ඩ ව යහපත් අන්දමින් සකස් කරනු ලැබ තිබේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සෙසු රටවල් සමග වඩාත් ආනයන හා අපනයන සහයෝගතා පවත්වා ඇත. පෞද්ගලික ව්‍යවසායන් විදේශ වෙළඳාමෙහි ඉටු කරන මෙහෙවර තව තවත් කැපී පෙනේ. 2019 වසරේ පෞද්ගලික ව්‍යවසායන් ප්‍රථම වරට විදේශ ආයෝජන සහිත ව්‍යවසායන් අභිබවමින් චීන විදේශ වෙළඳාමේ ප්‍රධානම කොටස බවට පත් වී තිබේ. එම වසරේ චීනයේ අපනයන භාණ්ඩවල ජාත්‍යන්තර තරගකාරීත්වය කැපී පෙනෙන ලෙස ඉහළ නැංවී ඇත.

චීන විදේශ වෙළඳාම අඛණ්ඩ ව වර්ධනය වීම තුළින් චීන ආර්ථිකයේ නම්‍යශීලිත්වය හා ජවය මනා ලෙස පිළිබිඹු වේ. 2020 වසරේ චීන විදේශ වෙ‍ළඳාම ස්ථාවර වර්ධනයක් පවත්වාගෙන යමින් ගෝලීය ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙර සේම වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව විශ්වාස කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති