හොංකොං අතිශය අනතුරුදායක කරන ඇමරිකානු ක්‍රියා කලාපය

2019-12-02 21:33:29
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

උදර්පණ නීති සංශෝධනය හේතුවෙන් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන මාස 5කට වැඩි කාලයක් ගත වී තිබේ. ගෙවී ගිය මාස 5 තුළ ඇමරිකාවේ ඇතැම් බලවේග හොංකොංහි ප්‍රචණ්ඩකරුවන්ට නොකඩවා ම සහය දෙමින් මූල්‍ය වශයෙන් පවා අනුබල දී ඇත. මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් උග්‍ර වීම හේතුවෙන් හොංකොං අතිශය අනතුරුදායක තත්වයකට පත් වී තිබේ. මෑතදී ඇමරිකානු කොංග්‍රස් සභාව“හොංකොං මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී පණත ”සම්මත කරමින් හොංකොංහි ප්‍රචණ්ඩකරුවන්ට වඩාත් දිරිගැන්වීමක් ලබා දී තිබේ. ඇත්ත වශයෙන් මෙතෙක් හොංකොංහි පවතින ඉතා ගැටුම්කාරී හා ප්‍රචණ්ඩකාරී තත්වයට පිටුපසින් ඇමරිකාව ප්‍රබලතම සාධකය යැයි කිව යුතු ය. හොංකොංහි ප්‍රචණ්ඩකරුවන්ට මූල්‍ය සහය ලබා දී ඇති ඇමරිකානු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුදල ‍හොඳ උදාහරණයකි. 2018 වසරේ පමණක් මෙම සංවිධානය රටවල් 19ක ආණ්ඩුවිරෝධි ව්‍යාපාරවලට මූල්‍ය සහය ලබා දී ඇත. ප්‍රචණ්ඩත්වය ජගත් ප්‍රජාවේ පොදු සතුරා ය. හොංකොං ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකා‍ව ගෙන ඇති ක්‍රියාකලාපය ජගත් ප්‍රජාවේ හෙළා දැකීමට ලක් ව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් මුලාවෙන් ඇමරිකාව ලොව පුරා අවුල් සහගත තත්වයන් ඇති කිරීමේ ක්‍රියාකලාපය ලෝක ජනතාවට ඉවසිය නොහැකි ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති