ගෝලීය දිළිඳුකම තුරන් කිරීමට චීනයෙන් ආලෝකයක්

2019-10-04 16:33:00
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ලොව වගා බිම්වලින් 9%ක් පමණක් හිමි චීනයට 20%ක ලෝක ජනගහණයක ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකි වී තිබීම විශිෂ්ට ජයග්‍රහණයක් බව චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70වැනි සංවත්සරය සැමරීමේදී සඳහන් කළ යුතු ම කාරණයකි. පසුගිය 70 දශකයේ චීනයේ දෙමුහුන් වී වගා කිරීමේ තාක්ෂණය සාර්ථක වීමෙන් පසු චීනයේ ධාන්‍ය නිෂ්පාදනය වසර ගණනාවක් තිස්සේ ලෝකයේ පළමු ස්ථානයේ පසු වී ඇත. ඒ සමග ම චීනයේ දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යායාමය දැවැන්ත ජයග්‍රහණයක් ද අත්කරගෙන තිබේ. චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කර ගත වූ වසර 70 තුළ කෝටි 85ක ජනගහණයක් දිළිඳුකමින් මුදා ගෙන තිබීම ලෝකයාගේ පැසසුමට ලක් වී ඇත.

දැනට ලෝකයේ කෝටි 70ක පිරිසක් දිළිඳුකමින් පෙළෙමින් සිටිති. අන්ත දිළිඳුකම පිටු දැකීම,එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ඉලක්කය ලෙස සැලකේ. ගෙවී ගිය වසර 70 තුළ ලොව විශාල ම සංවර්ධනය වෙමින් පවතින රට වශයෙන් චීනය ගෝලීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාදාමය වඩාත් වේගවත් ලෙස ඉදිරියට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. චීනය එම ඉලක්කය කල් ඇතිව සැබෑ කිරීමට සමත් වූ අතර කිසිදු කොන්දේසියකින් තොරව සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර උපකාර කර ඇත. චීනය ගෝලීය දිළිඳුකම පිටු දැකීමට වැදගත් අත්දැකීම් හා ඥානය සපයා දී තිබේ. ඒ අතරින් චීනය නියමිත ඉලක්ක අනුව පියවරෙන් පියවර දිළිඳුකම පිටු දැකීම එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගේ ඉහළ ඇගයීමට ලක් විය. එක්සත් ජාතීන්ගේ 2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ නියම කළ ඉලක්ක සපුරාලීමේදී චීනය සිදු කළ එම දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රමවේද එකම ඵලදායී විසඳුම බව හෙතෙම පවසා ඇත. කුසගින්නෙන් හා දිළිඳුකමින් මිදී සැපවත් ජීවිතයක් වැළඳ ගනු දැකීම චීනයේ සිහිනයක් විය. මෙම සිහිනය සැබෑ කළ චීනය සෙසු රටවල ජනතාවට එවන් සිහිනය සැබෑ කරගැනීමට උදව් කරමින් සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති