සමගියේ හා උද්‍යෝගයේ ජීවගුණය තුළින් ගොඩනැගුණු චීන අභිමානය

2019-10-02 13:55:22
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

නව චීනයේ 70 වැනි ජාතික දිනය ඊයේ(1) බෙයිජිංහිදී අතිඋත්කර්ෂවත් ලෙස සැමරිණ. ගෙවී ගිය වසර 70 තුළ චීනය ලද දැවැන්ත ජයග්‍රහණ හා චීන ජනතාවගේ රුධිරය තුළට ඇතුල් වූ සමගියේ හා උද්‍යෝගයේ ජීවගුණය එම උළෙල නරඹමින් ලොව පුරා ප්‍රේක්ෂකයෝ දැක ගත්හ. සමගිය චීන ජනතාව ඉදිරියේ දුෂ්කරතා මග හැර ජයකින් තවත් ජයක් කරා ගමන් කිරීමේ වැදගත් සහතිකයක් බව චීන උත්තරිතර නායක ෂී ජින්පිං මහතා ද පෙන්වා දී තිබිණ.

සමගිය හා උද්‍යෝගය පිළිබඳ ජීවගුණය චීන ජාතිකයන්ගේ ජාන ලක්ෂණයක් සේය. ඊට මූලික ව ඇත්තේ චීන ජනතාව රට කෙරෙහි දක්වන ගැඹුරු ආදරයයි. එම ජීවගුණයෙන් ම චීන ජනතාවට පෙර‍ නොවූ විරූ ස්වයං විශ්වාසයක් ගොඩනගා ගැනීමට හැකි වී තිබේ.

අද චීනය ඉතිහාසයේ ඕනෑ යුගයේ චීනයට වඩා ජාතික පුනර්ජීවන ඉලක්කයට ළඟා වී සිටියි. එහෙත් චීනය දැනට සහ ඉදිරි දිගු කාලයක් පුරා සමාජවාදී මුල් අදියරේ පවතින බවත් චීනය තවමත් ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට බවත් චීන ජනතාවට පැහැදිලිය. එමෙන්ම ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්විකවාදයේ හිස එසවීම සහ ලෝක ආර්ථිකය පහල යාමේ පීඩනය වැඩි වීම යනාදියට ද චීනය මුහුණ දෙමින් සිටියි. කෙසේ වුවද චීනයේ විවිධ ජන වාර්ගිකයන්, විවිධ ක්ෂේත්‍ර අතර සමගිය තහවුරු කරමින්, දෙස් විදෙස්ගත චීන ජනතාවගේ සමස්ත සමගිය ශක්තිමත් කරමින් චීනයට බාහිර අභියෝගයන්ගෙන් ජය ගෙන රටේ සංවර්ධනයට නව බලය අඛණ්ඩව ග්‍රහණය කර ගත හැකි බව විශ්වාස කෙරේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති