චීනයේ 70 වැනි ජාතික සැමරුම් උළෙල ලෝ වැසියන්ගේ අවධානයට

2019-10-01 16:32:22
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් අද(1) බෙයිජිංහි ටියන්අන්මෙන් චතුරශ්‍රයේ පැවති අතිඋත්කර්ෂවත් සැමරුම් උළෙල ලෝ වැසියන්ගේ අවධානය දිනා ගෙන ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂීජින්පිං මහතා එම උළෙලේදී වැදගත් දේශනයක් කළේය. චීන ජනතාව සුන්දර ජීවිතය කරා දරන අභිලාෂයන් සපුරා‍ ගනිමින් රටේ එක්සත්භාවය සඳහා උද්‍යෝගිවත්ව උත්සාහ කරමින් ලෝ වැසියන් සමග පොදු ඉරණමක් ඇති මානවයන්ගේ පොදු ප්‍රජාවක් ගොඩනැගීමට අඛණ්ඩව තැත් කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

‘සාමකාමී එක්සත්භාවය’ සහ ‘එක් රටක් ක්‍රම දෙකක්’ යන මූලධර්ම චීනයේ එක්සත් වීම සාක්ෂාත් කර ගැනීමට නිර්මාණශීලිත්ව සංකල්පය හා මනාම ක්‍රමයයි. හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙකේ එම ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කර ඇතැයි දක්නට ලැබේ.

මේ අතර සාම සංවර්ධනයේ නියැළී සිටීම යන්න චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා චීන ජනතාව වෙනුවෙන් ෂී ජින්පිං මහතා ලෝකයට සිදු කළ ස්ථිර ප්‍රතිඥාවකි.

චීන ජනතාව සමගියේ ධජය ඔසවනු ලැබුවහොත්, ඕනෑම බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කිරීමට ද චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා කිරීමට ද නොහැකි වනු ඇත. එය ගෙවී ගිය වසර 70වේ ඉතිහාසය ආවර්ජනය කරමින් චීන ජනතාව තරයේම විශ්වාස කරන කරුණකි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති