හොංකොං ආරක්ෂා කිරීමට පසුබ‍ට නොවෙමු

2019-08-14 15:14:48
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෑතදී, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ බරපතල නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා අඛණ්ඩව උත්සන්න වෙමින් පවතී. ඇමරිකාව ඇතුළු බටහිර රටවල ඇතැම් කුමන්ත්‍රණකරුවෝ ප්‍රචණ්ඩකරුවන්ගේ ගුරුවරුන් ලෙස අයුක්තිසහගතව හොංකොං කටයුතුවලට මැදිහත් වෙමින් සිටිති.

ඇතැම් බටහිර දේශපාලකයන්ගේ මෙවැනි කුමන්ත්‍රණ හමුවේ ඕනෑම ස්වෛරී රටක් උදාසීනව නොසිටිනු ඇත. හොංකොං අවුල් කිරීම සඳහා වන එම කුමන්ත්‍රණය‍ට චීනය කිසි විටෙකවත් ඉඩ නොදෙයි.

මෑතදී, එම කුමන්ත්‍රණ උග්‍ර වෙමින් පවතී. බාහිර බලවේගයන්ගේ අයහපත් බලපෑම් යටතේ,දිගුකාලීන ප්‍රචණ්ඩත්වය හොංකොං වෙත බරපතල ප්‍රහාර එල්ල කර තිබේ.හොංකොං හි ආහාර සැපයුම් කර්මාන්තයේ සමස්ත ආදායම වසර 10 ක් තුළ නරකම තත්ත්වයට පත්ව ඇති අතර ප්‍රධාන කර්මාන්ත හතරෙන් එකක් වන සංචාරක කර්මාන්තයට ද දැඩි ලෙස බලපා ඇත. මූල්‍ය සේවා, වෙළඳ හා ප්‍රවාහන ඇතුළු ප්‍රධාන කර්මාන්තවලට එල්ලවන මෙම බලපෑම් ව්‍යාප්ත වුවහොත් හොංකොංහි ආර්ථිකයට ගණනය කළ නොහැකි පාඩු සිදුවනු ඇත.

අනාගතය හා ඉරණම හා සම්බන්ධ "ජීවිත හා මරණ යුද්ධයකට" සහ "ආරක්ෂක යුද්ධයකට" හොංකොං මුහුණ දී සිටින බවට කිසිම සැකයක් නොමැත. ප්‍රචණ්ඩත්වය නතර කරමින් අවුල්කාරීත්වය මර්දනය කිරීම හදිසි මෙහෙවරකි.වත්මන් තත්ත්වය වැරදි ලෙස විනිශ්චය නොකරමින්, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සමගිය ආරක්ෂා කිරීම සහ හොංකොංහි සමෘද්ධිය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීම අතින් චීන මධ්‍යම රජය හා ජනතාව දරන දැඩි අධිෂ්ඨානය අවතක්සේරු නොකරන ලෙස චීනය ඇතැම් බාහිර බලවේගයන්ට අනතුරු ඇඟවීම් කර සිටී. හොංකොංහි කුමක් සිදු වුව ද, චීනයට ප්‍රමාණවත් ක්‍රම සහ බලයක් හිමිය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති