විනිමය අනුපාත සම්බන්ධයෙන් චීනයට ඇමරිකාව නගන චෝදනා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කරයි

2019-08-11 16:54:30
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීනයේ රෙන් මින් බී විනිමය අනුපාතය ආර්ථිකයේ මූලික තත්වයට ගැලපෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 9වැනි දා චීන ආර්ථිකය පිළිබඳ වාර්ෂික විමර්ශන වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. 2018 වසරේ චීනයේ වර්තන ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයේ ගන්නා ලද අනුපාතය 0.4% දක්වා පහත වැටුණු බවත් මේ වසරේ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් වනු ඇතැයි එම වාර්තාව සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම වාර්තාව, චීනය විනිමය අනුපාත හැසිරවීමෙන් අසාධාරණ වෙළඳ තරගකාරීත්වයෙන් වාසි ලබා ගත් බවට ඇමරිකාව කළ අමූලික චෝදනාව නිෂ්ඵල කර තිබේ. වාර්තාව නිකුත් කළ දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වග කිව යුතු නිලධාරීන් පැවැත්වූ දුරකථන මාධ්‍ය හමුවේදී කියා සිටියේ විනිමය අනුපාත නම්‍යශීලිත්වය ශක්තිමත් කිරීම අතින් චීනය සෑහෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි. මෑත වසරවල චීනය විනිමය අනුපාත ප්‍රතිසංස්කරණය වෙ‍ළඳ පොල ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කර තිබීම පිළිබඳව අගය කරමින්, එම නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ චීනය විනිමය අනුපාත නම්‍යශීලිත්වය වඩාත් ශක්තිමත් කිරීමට සහය ලබා දෙන බවයි.

තරගකාරී අරමුණින් යුතුව මුදල් ඒකක අවප්‍රමාණයට ලක් නොකරන බව ලොව 2වැනි විශාලතම ආර්ථිකය හිමි චීනය සෑම විට ම කියා සිටී. එමෙන් ම වෙළඳ ප්‍රශ්නවලට මුහුණ දීමේදී කිසිවිටක විනිමය අනුපාත උපකරණයක් වශයෙන් පරිහරණය නොකිරීම තමන්ගේ වෙනස් නොවන ස්ථාවරය බව චීනය පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම වාර්තාව සම්බන්ධයෙන් බොහෝ ඇමරිකානු විශේෂඥයන් අදහස් දක්වා ඇත. චීනය විනිමය අනුපාත හසුරුවන්නෙකු නොවන බව වාර්තාවෙන් සනාථ වී ඇතැයි ඔවුහු පවසති. ගෝලීය මූල්‍ය හා වෙළඳ පද්ධති තුළ තමන් සතුව ඇති ප්‍රබල ස්ථානය අයුතු ලෙස උපයෝගී කරගෙන ඇමරිකාව චීනයට එරෙහි ව ගෙන ඇති වෙළඳ හා මූල්‍ය පියවර වගකීම් රහිත බව ඔවුන් පෙන්වා දී තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති