ඇමරිකානුවන් වැඩි වැඩියෙන් තම රජය අවිශ්වාස කරන්නේ ඇයි?
2022-01-20 18:59:21
Share with:

ඇමරිකානුවන් වැඩි වැඩියෙන් තම රජය අවිශ්වාස කරන්නේ ඇයි?_fororder_QQ图片20220120185825

ලොව විශාලතම මහජන සම්බන්ධතා උපදේශන සමාගම වන Edelman සමාගම විසින් 2022 "Edelman විශ්වසනීයත්ව " වාර්තාව පසුගියදා නිකුත් කරන ලද අතර, ඇමරිකානු රජය කෙරෙහි  මහජන විශ්වාසය නව පහත මට්ටමකට වැටී ඇති බව ඉන් පෙන්නුම් කෙරේ. Edelman සමාගම නිකුත් කළ එම වාර්තාවෙන් පෙනී යන්නේ ඇමරිකානු රජය බරපතල විශ්වාසනීයත්ව අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

රටක රජයක පාලන මට්‌ටමේ කේන්ද්‍රය ජනතා විශ්වාසයයි. ඇමරිකානු රජයේ  විශ්වාසය නව පහත මට්ටමකට වැටී ඇති අතර, එය පිටුපස එරටේ අවුල් සහගත තත්ත්වයන් පැතිරීම දැකිය හැකිය. ඒවා අතර, වසංගතයට එරෙහිව සටන් කිරීමට අසමත් වීම ප්‍රධානය .

වසංගතය යටතේ, ඇමරිකාවේ දේශපාලන වෙනස්කම් සහ බල අරගල මෙන්ම, සමාජ බෙදීම් ද තීව්‍ර වී ඇති අතර, ධනවතුන් හා දුප්පතුන් අතර පරතරය ඊටත් වඩා කම්පන සහගත ය.

ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයෝ වසංගතය දේශපාලනීකරණය කළ අතර වාර්ගික වෙනස්කම් කිරීම් සහ වෛරී අපරාධ තීව්‍ර කිරීමට තුඩු දුන් වාර්ගික ප්‍රකාශ නැවත නැවතත් ප්‍රසිද්ධියේ සිදු කළහ.

ජාතික සෞභාග්‍යයේ සහ සංවර්ධනයේ පදනම මහජන විශ්වාසයයි. Edelman නිකුත් කළ මෙම ගෝලීය විශ්වාසනීයත්ව සමීක්ෂණයේ ප්‍රතිඵල ඇමරිකානු රජයට සිහි කැඳවීමකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන