චීන රාජ්‍ය ව්‍යවසායන් වාර්තාගත ප්‍රතිලාභ අත්කර ගනී
2022-01-20 15:56:19
Share with:

2021 වසරේ, චීන රාජ්‍ය ව්‍යවසායන් වාර්තාගත ප්‍රතිලාභ අත්කර ගනී.

චීන රාජ්‍ය මණ්ඩලයේ රජය සතු වත්කම් අධීක්ෂණ සහ පරිපාලන කමිටුව ඊයේ (19) නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් ඒ බව හෙළි වේ. එම සංඛ්‍යා ලේඛන අනුව 2021 වසරේ චීන රජය සතු ව්‍යවසායන් යුවාන් ට්‍රිලියන 36.3ක ආදායමක් උපයාගෙන ඇත. එය 2020 වසරට වඩා 19.5%ක වර්ධනයකි. 2021 වසරේ එම ව්‍යවසායන්හි සමස්ත ලාභය හා ශුද්ධ ලාභය වෙන් වෙන්ව යුවාන් ට්‍රිලියන 2.4ක් හා ට්‍රිලියන 1.8ක් වන අතර, එම අගයන් 2020 වසරට සාපේක්ෂව වෙන් වෙන් ව 30.3%කින් හා 29.8%කින් වර්ධනය වී තිබීම කැපීපෙනේ.

ආදායම, ලාභය හා ශුද්ධ ලාභය අතින්, 2021 වසරේ චීන රාජ්‍ය ව්‍යවසායන් වාර්තාගත ජයග්‍රහණ අත්කර ගෙන ඇතැයි, චීන රාජ්‍ය මණ්ඩලයේ රජය සතු වත්කම් අධීක්ෂණ සහ පරිපාලන කමිටුව පවසයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන