එන්නත්කරණය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම තවමත් අතිශයින් වැදගත්
2022-01-17 10:52:18
Share with:

එන්නත්කරණය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම තවමත් අතිශයින් වැදගත්_fororder_QQ截图20220117102607

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 73% ක් පමණ එන්නත්කරණය සපුරා ඇති අතර, දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 63%ක්. දකුණු ආසියානු රටවල් අතරින් එය ප්‍රමුඛ ස්ථානය ගැනීමක්. මේ වනවිට රටට ලැබී ඇති එන්නත් ගණන හාර කෝටි අසූපන් ලක්ෂයක්. එබැවින් රටට අවශ්‍ය එන්නත් සියල්ල සපුරා ගත හැකි වූ අතර බූස්ටර් මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණයත් ලැබී අවසන් බව ද සෞඛ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

මේ සියළුම සර්වසුබවාදී පුවත් තුළින් වුවද, අපට තවත් පැහැදිලි ව අවබෝධ කර ගත යුතු කාරණා කීපයක් තිබෙනවා.

පළමුවෙන්ම, ඔමික්‍රොන් ඇතුළු වෛරස ප්‍රභේද කෙරේ නිසි අවධානය නොදක්වා සිටිය නොහැකියි. දැනට ඔමික්‍රොන් ප්‍රභේදය, සෙසු රටවල ප්‍රධානම වෛරස් ප්‍රභේදය බවට පත්වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, ගෙවී ගිය මාසයකට වැඩි කාලයක් තුළ විවිධ රටවලින් වාර්තා වූ වසංගත තත්ත්වයන්ගෙන්, සියයට 58.5ක්ම ඔමික්‍රොන් ආසාදිතයන් හා සම්බන්ධයි. ශීඝ්‍ර ව්‍යාප්තිය මෙන්ම අධික බෝවීමේ හැකියාව සතු ඔමික්‍රොන් ප්‍රභේදය, ඉතා වේගයෙන් ප්‍රධානම අවදානම බවට පත් වෙමින් පවතිනවා. ජනතාව උදෙසා දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම, ඔමික්‍රොන් ප්‍රභේදය වැළැක්වීමට ද ඵලදායක වන බව වෛද්‍ය විශේෂඥවරුන්ගේ මතයයි. එනිසා, පූර්ණ එන්නත්කරණය මෙන්ම බූස්ටර් එන්නතින් පසුව පවා, පෙර සේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අත්‍යවශ්‍ය කරුණක්.

දෙවනුව, බූස්ටර් මාත්‍රාව එන්නත්කරණයට ජනතාව මනා සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ සඳහා හේතු දෙකක් පෙන්වා දිය හැකියි. එනම්, දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස හයක් පමණ ගතවීමෙන් පසු, ප්‍රතිශක්තිකරණය අඩුවීමේ හැකියාවක් පැවතීමයි. එසේම, ඉදිරියේදී නව වෛරස් ප්‍රභේදවලට මුහුණ දීමේ අවදානමක් පැවතීමයි. දැනට ජනගහණයෙන් සියයට හැටකට වැඩි පිරිසක් දෙවැනි මාත්‍රාව ලබා ගෙන අවසන් වුවත්, බූස්ටර් එන්නත ලබා ඇති පිරිස සියයට 20ක් පමණයි. සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හා සියලු රජයේ රෝහල්වල පෙරවරු 8.00 සිට රාත්‍රි 8.00 දක්වා බූස්ටර් මාත්‍රාව ලබා දෙද්දී, එය ලබා නොගැනීමට හේතුවක් සැබැවින්ම නොමැතියි. කෙසේවෙතත්, රජය ජනතාවට මේ සියලු එන්නත් නොමිලේ ලබාදීම අතිශය වැදගත් කරුණක්. කිසිදු තරාතිරමකින් තොරව, සියලුම ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් එමගින් තහවුරු කිරීමට රජය දරන ප්‍රයත්නයට පැසසුම් හිමිවිය යුතුයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන