2022 නව වසරට චීන ජනාධිපතිවරයාගෙන් අලුත් අවුරුදු සුබ පැතුම්
2021-12-31 21:07:20
Share with:

2022 නව වසරට චීන ජනාධිපතිවරයාගෙන් අලුත් අවුරුදු සුබ පැතුම්_fororder_1640951143988_290

2022 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය මෙසේ ය.

සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ආයුබෝවන්. 2022 වසර උදාවෙමින් පවතී. මම බෙයිජිං අගනුවර සිට ඔබට නව වසරේ සුබ පැතුම් පිරිනමමි.

2021 වසර දෙස බැලීමේදී, මෙම වසර අතිවිශිෂ්ට වසරක් බව කිව හැකියි. චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ ඉතිහාසයේ සන්ධිස්ථාන ලෙස සැලකිය හැකි සිදුවීම් අපට දැකගැනීමට හැකිවිය. ‘ සියවස් දෙකක් ’ පිළිබඳ අරගල සඳහා වූ  ඉලක්ක හමුවේ සමාජවාදී, නවීන රටක් පූර්ණ ලෙස ගොඩනැංවීමේ නව ගමන්මග අපි ආරම්භ කළෙමු. චීන ජාතියේ විශිෂ්ට පුනර්ජීවනයේ ක්‍රියාමර්ග  අපි අභිමානවත් ව ක්‍රියාවට නංවමු.

වසර ආරම්භයේ සිට අවසානය දක්වා, ගොවිබිම, ව්‍යවසායයන්, ජන ප්‍රජා, පාසල්, රෝහල්, හමුදා කඳවුරු, විද්‍යා පර්යේෂණ අධ්‍යයන ආයතන ඇතුළු ආයතනවල සියල්ලෝම වසර පුරා ඊට කැපවූහ. වෙහෙස මහන්සියෙන් කැපවී එහි අස්වැන්න නෙළා ගෙන ඇත. කාලයාගේ ඇවෑමෙන් අපට දැක ගත හැක්කේ,  ධෛර්යවත් හා ‍අසිරිමත් චීනයයි. ගෞරවණීය ජනතාව, දිනෙන් දින ම ඉහළ නංවා ඇති සංවර්ධනය, සර්වකාලීන ව ඉදිරියට පවත්වාගෙන යන මෙහෙයුම් මාතෘ භූමියේ ක්‍රියාත්මකය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 6වැනි සැසිවාරයේ දී පක්ෂයේ ඓතිහාසික තීරණ තුනක් සම්මත කෙරිණ. චීන කොමියුනිස්ට් පක්ෂය ගතවූ සියවසේ අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ හා අත්දැකීම් තුළින් මනා ප්‍රබෝධයක් හා දිරිගැන්වීමක් ලැබී ඇත. එවකට මාඕ සේතුං සභාපතිවරයා හා හුවන්ග් යන්පේ මහතාගේ ‘ Yao Dong Dui ’ එනම් ඓතිහාසික නීති චක්‍රය පිළිබඳව පෙර අවස්ථාවක දී ද මම සඳහන් කළෙමි. අපට ස්වයං විප්ලවයක එඩිතරව නිරත වීමෙන් පමණක් ඉතිහාසයේ පෙරමුණ ගත හැකිය. චීන ජාතියේ විශිෂ්ට පුනර්ජීවනය හිමි කර ගත හැක්කේ කිසිසේත් ම සැහැල්ලුවෙන්, විනෝදජනක ආකාරයට නොවේ. කිසිම බාධාවකින් තොරව,  ඉතා කෙටිකාලීන ව එය සාක්ෂාත් කරගැනීමට ද නොහැකි ය.  අනාගතයේදී සිදුවිය හැකි දේ මෙන්ම එළඹිය හැකි අවදානම් කෙරෙහි නිරන්තරයෙන් ම අප අවධානයෙන් සිටිය යුතු ය. උපාය මාර්ගික සංවරය පවත්වා ගත යුතු අතර ක්‍රමවේදය හා ප්‍රධාන කරුණු නිසියාකාරයෙන් මෙහෙයවා ගත යුතු ය. පුළුල් හා විශිෂ්ටත්වයට ළඟා විය යුත්තේ සියුම් හා සුකෘත බවද ආමන්ත්‍රණය කරමිනි.

අපේ රට විශාල දේශයක් වන අතර, ජනතාවගේ යහපත් දිවිපැවැත්ම අපගේ ප්‍රමුඛතාවයි. සියුම් සිදුවීමක් පවා සෑම පවුලකටම අදාළ වෙතැයි අපි විශ්වාස කරමු. ඇතැම් ප්‍රදේශවල සිදුකළ  නිල චාරිකාවලදී  ජනජීවිත පිළිබඳ බොහෝ දෑ මට ප්‍රත්‍යක්ෂ කර ගත හැකිවිය. ඉන් ඒ පිළිබඳව මට නිසි අවබෝධයක් ලැබිණ. ජනතාවගේ නිවෙස්වලට පැමිණ ඔවුන්ගේ දුක සැප මම නිතර ම විමසා බැලීමි. ජනතා ඉල්ලීම් මම සිතේ ධාරණය කර ගත්තෙමි.

ජනතාවගේ කණස්සල්ල හා ව්‍යකූලත්වයන් කෙරෙහි මම දැඩි අවධානයක් දක්වමි. ගම්මාන ප්‍රදේශවල මමත් රාජකාරි කර ඇත්තෙමි. දිළිඳුකම පිළිබඳව මා තුළ මනා අවබෝධයක් ඇත. පරම්පරානුගතව දිළිඳුකමේ ගැලී සිටි ජනතාවට වර්තමානයේ සුවදායක හා සැපදායක ජීවිත ගත කිරීමට හැකිවී තිබේ.

පරිපූර්ණ යහපත් සමාජයක් ගොඩනැංවීම, දිළිඳුකම තුරන් කිරීම අපේ කොමියුනිස්ට් පක්ෂය ජනතාවට ලබා දුන් ප්‍රතිඥාවන් ය. එසේම, මෙවන් කර්තව්‍යයන් අපි ලෝකයට ලබා දුන් ප්‍රතිලාභයන් ද වේ. ජනතාවගේ ජීවන මට්ටම තවදුරටත් ඉහළ නංවාලීම හා බැඳුණු වත්මන් ප්‍රගතිය පිළිබඳ අප සෑහීමට පත්නොවිය යුතු ය. ඒ උදෙසා අපට අනවරත ගමනක නිරත වීමට සිදුවනු ඇත.

මෑත වසරවලදී, මම කහ ගඟේ ඉහළ, මැද සහ පහළ ප්‍රදේශවල පළාත් 9 කට සංචාරය කළෙමි. කහ ගඟ සහ යැංසි ගඟ යන "මව් ගංගා" හෝ රැලි නගන ජිංහයි වැව සහ තේජාන්විත යාර්ලුන්ග් සන්බා‍ඕ ගඟාව වේවා, දකුණේ සිට උතුරට ජලය හැරවීමේ ව්‍යාපෘතිය නැතහොත් සයිහන්බා වනාන්තර ගොවිපල වේවා, යුන්නාන් අලි උතුරටත් යළි දකුණටත් ගමන් කිරීම හෝ ටිබෙට් ඇන්ටිලොප්ස් ගහනය සංක්‍රමණය කිරීම වේවා ... මේ සියල්ල අපට පසක් කර දෙන්නේ "අප ස්වභාවධර්මය පරාජය නොකරන්නේ නම්, ස්වභාවධර්මය කිසි විටෙකත් අප පරාජය නොකරනු ඇත" යන්නයි.

මෙම වසරේ, තවමත් අමතක නොවන චීන හඬ, චීන අවස්ථා සහ චීන කථා ඇත. "චීන කොමියුනිස්ට් පක්ෂය උදෙසා වූ පොරොන්දුවක් සේ මම රට ශක්තියෙන් නැංවීම සඳහා කැප වෙමි " යන තරුණ ප්‍රතිඥාව, "පිරිසිදු ආදරය, චීනයට පමණි" යන ආදරණීය පාපොච්චාරණය; චුරෝ නමැති රෝවරය සාර්ථකව අඟහරු ග්‍රහයා මතට ලඟා වී ගවේෂණය කිරීම, ප්‍රථම සූර්ය ගවේෂණ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණාත්මක චන්ද්‍රිකාව "Xihe" සාර්ථකව නිකුත් කිරීම, ටියැන්හ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයේ සැරිසරමින් සිටීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලාපොරොත්තුවේ දැස් දල්වමින් සිය ජයග්‍රහන වෙනුවෙන් කැපවී සිටීම, වසංගතය වැළැක්වීමට සහ පාලනය කිරීමට රට පුරා අධිෂ්ඨානශීලී සහ ඵලදායීව සිදුවීම්, ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාව එකිනෙකා දෙස බලා සිටින අතර නිවහන නැවත ගොඩනැගීමට අන්‍යෝන්‍ය ලෙස උදව් කරමින් සිටීම, චීන මහජන විමුක්ති හමුදා භටයන් සහ සන්නද්ධ පොලිස් නිලධාරීන් හා සොල්දාදුවන් හමුදාව ශක්තිමත් කරමින් රට ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටීම...... ගණන් කළ නොහැකි පොදු වීරයන් වෙහෙස කර කැපවීමෙන් චීනයේ සමෘද්ධිමය සහ ඉදිරියට යන ජලප්‍රවාහය නව යුගයකට එක් ‍වී ඇත.

චීනයේ හොංකොං සහ මැකෞ යන විශේෂ පරිපාලන කලාපවල සමෘද්ධිය සහ ස්ථාවරත්වය පිළිබඳව මව්රට සැමවිටම සැලකිලිමත් වේ. "එක් රටක්, ක්‍රම දෙකක්" ස්ථාවර හා දූර දර්ශී යන එකක් විය හැක්කේ එකාබද්ධ ප්‍රයත්නයන් හා උත්සාහයන් තුළින් පමණි. මව්රට සම්පූර්ණයෙන් යළි එක්සත්වීම සාක්ෂාත් කර ගැනීම සමුද්‍ර සන්ධි දෙපස සිටින වැසියන්ගේ ඒකායන අපේක්ෂාවයි. චීන ජාතියට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සියලුම චීන ජාතිකයන් අත්වැල් බැඳගනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.

මා විදේශීය රටවල රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර සංවිධාන වල ප්‍රධානීන් සමග දුරකථන‍යෙන් හා වීඩියෝ ආකාරයෙන් සංවාද වල නිරත වූ අවස්ථාවලදී චීනය තුළ නව කොරොනා වසංගත පාලනය හා ගෝලීය වහයෙන් වසංගත පාලනය සඳහා චීනය ලබා දුන් දායකත්වය ඔවුන් බොහෝ වර පැසසුමට ලක්කර තිබේ. මේ දක්වා, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 120කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් චීනය සැපයූ කොවිඩ් -19 එන්නත් මාත්‍රා සමස්ත සංඛ්‍යාව බිලියන 2කි. ලෝකයේ විවිධ රටවල් එකමුතුවෙන් පමණක් පොදු ඉරණම සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීමේ නව පරිච්ඡේදය රචනා කළ හැකිය.

තවත් මාසයකට වැඩි කාලයකින් පසුව, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ ශීත ඍතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි. වඩාත් වැඩි ජනගහනය අයිස් හා හිම ක්‍රීඩාවන්ට සහභාගී කිරීම සීත කාලීන ඔලිම්පික් ව්‍යාපාරයේ ජීවගුණයයි. ලෝකය වෙනුවෙන් අසිරිමත් සීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණය. එය පිළිගැනීමට ලෝකය දෑස් දල්වා ගෙන සිටී. ඒ සඳහා චීනය සූදානමින්ය.

නව වසරේ ඝණ්ඨාරය තව හෝරා කිහිපයකින් නාද වෙයි. අපගේ ගගනගාමීන් තිදෙනා අභ්‍යාවකාශයේ විවිධ ක්‍රියා කාරකම්වල නිරත වෙමින් සිටිති. එතෙර චීන ජාතිකයෝ උත්සාහවන්ත ව කටයුතු කරමින් සිටිති. විදේශ රටවල චීන තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාල, චීන ව්‍යාවසායයන් ඇතුළු එතෙර නිලධාරීහු, සේවක සේවිකාවෝ හා වැඩිදුර අධ්‍යාපනයන් හි නිරත සිසු සිසුවියෝ ධෛර්වන්ත ව  සිය කාර්යයක් වෙනුවෙන් කැප වෙමින් සිටිති. සිහිනයන් සතු අප්‍රමාණ ජනතාව‍ වෙහෙස මහන්සියෙන් දායකත්වය ලබා දෙමින් සිටිති. මම ඔබ වෙනුවෙන් නව වසරේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි!

අපි එකට එක්ව අනාගතය උදෙසා පිය නගමු ! රට සෞභාග්‍යවත් වේවා, ජනතාව සාමයෙන් හා සුසංගතයෙන් ජීවත් වේවා!

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන