චීන ජනපති හා ජර්මානු චාන්සලර්වරයා අතර දුරකථන සංවාදයක්
2021-12-21 22:37:16
Share with:

චීන ජනපති හා ජර්මානු චාන්සලර්වරයා අතර දුරකථන සංවාදයක්_fororder_8a018319508149555ac1e144ae9a7804

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා සමග දුරකථන සංවාදයක් පවත්වයි.

මෑත වසරවල චීන ජර්මානු සහයෝගතාව, චීන යුරෝපා සහයෝගතාවන්හි ප්‍රමුඛ ස්ථානයක පසු වන බව ෂී ජින්පිං මහතා අද(21) පැවති එම සංවාදයේදී පැවසීය. ඉදිරියේදී දෙරට ගෝලීය දෘෂ්ටිකෝණයක සිට ද්විපාර්ශ්වික සම්බන්ධතාව නව ප්‍රගතියක් ලබා ගැනීමට තැත් කළ යුතුය. ඒ සඳහා උපායමාර්ගික මට්ටමෙන් දෙරට සම්බන්ධතාවේ වර්ධන දිශාව පාලනය කළ යුතුය. ප්‍රායෝගික ආකල්පයකින් යුතුව අන්‍යෝන්‍ය සහයෝගතා ඉදිරියට මෙහෙයවිය යුතුය. ගෝලීය පාලනය වෙනුවෙන් නව දායකත්වයක් ලබා දීම වෙනුවෙන් අභියෝගයන්ට පොදුවේ මුහුණ දිය යුතුය.

චීන යුරෝපා සම්බන්ධතාව තහවුරු කිරීම සඳහා ජර්මනියට අඛණ්ඩව සක්‍රීය බලපෑමක් එල්ල කළ හැකි අතර එම සම්බන්ධතාවට ස්ථිරබව හා ධනාත්මක බලය එකතු කිරීමට හැකි වෙතැයි චීනය බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය මත චීනය සමග ජර්මානු චීන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කිරීමට තම රට කැමති බව ජර්මානු චාන්සලර්වරයා  එම දුරකථන සංවාදයේ දී පැවසීය. යුරෝපා චීන ආයෝජන ගිවිසුම හැකි ඉක්මනින් වලංගු වී ක්‍රියාත්මක කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ඔහු කීය. ජගත් කටයුතු තුළදී චීනය සමග එක්ව බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන