චීන රජයේ ආයෝජන බොහොමයක් මෙරටට විදේශ විනිමය උපයාදෙන ආයෝජන බව කර්මාන්ත අැමති කියාසිටී
2021-12-04 17:11:45
Share with:

චීන රජයේ ආයෝජන බොහොමයක් මෙරටට විදේශ විනිමය උපයාදෙන ආයෝජන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කියාසිටී.  අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ,අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඩොලර් ඉපයීමට හැකි ව්‍යාපෘති නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ඊයේ (03) විවෘත කෙරුණේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අදහස් පළකළ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදුන්නේ,  චීන ආයෝජන බොහොමයක් මෙරටට ඩොලර් උපයා ගැනීමට උදව් වන ආයෝජන බවයි. කොළඹ වරාය නගරයෙන් අප රටට ලැබෙන්නේ ඩොලර් ආදායමකි. එමගින් බදු වශයෙන් එකතු කරගැනෙන්නේ ද ඩොලර් ය. විදේශ විනිමය උපයාගත හැකි ව්‍යාපෘති සඳහා වාසිදායක කොන්දේසි යටතේ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමග ආයෝජන පිළිබඳ උනන්දු විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන