සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා තෘප්තිමත් භාවයයි
2021-12-04 20:20:05
Share with:

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා තෘප්තිමත් භාවයයි_fororder_src=http___n.sinaimg.cn_sinakd20211204s_393_w1210h783_20211204_f887-023fa829533d7f807827459d1ec26cf6&refer=http___n.sinaimg

රටේ කටයුතු සඳහා ජනතාවට ඇති පූර්ණ හිමිකාරීත්වය චීන ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය හා හරය බව චීන රජය අද නිකුත් කළ ‘චීනයේ ප්‍රජාතන්ත්‍රවාදය’ ධවල පත්‍රිකාව පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කිරීමට ක්‍රම රැසක් තිබේ. රටේ තත්ත්වයට ගැලපුණහොත් එය හොඳ ක්‍රමයකි. රටක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ රටේ කටයුතු සඳහා ජනතාවට පූර්ණ හිමිකාරීත්වය පවතින්නේ ද නැද්ද යන්න මත බව චීන ‍කොමියුනිස්ට් පක්ෂය ස්ථාපනය වී ගත වූ සියවසක ක්‍රියාකාරීත්වයෙන් හා ගවේෂණයෙන් ඔප්පු වී තිබේ.

චීනයේ විවිධ මට්ටම්වල මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී ඍජුව ඡන්දය ප්‍රකාශ කිරීම මෙන්ම හා ඍජු නොවන ආකාරයෙන්  ඡන්දය ප්‍රකාශ කිරීම සංයෝගාත්මකව ක්‍රියාත්මක කෙරේ. ඉන් වැඩිම පිරිස වන කෝරළ හා ගම්‍මාන මට්ටම්වල මහජන නියෝජිතයන් බිහි වූයේ ඡන්දදායකයන්ගේ ඍජු ඡන්දවලිනි.

චීනයේ සමස්ත නීති සම්පාදනය සිදු කෙරෙන්නේ නියමිත පටිපාටියට අනුව, ප්‍රජාතන්ත්‍රවාදී විමසීමෙන් හා විද්‍යාත්මක, ප්‍රජාතන්ත්‍රවාදී තීරණය කිරීම් මගිනි.  රටේ සමස්ත ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම සමාජ පාලනය හා ජන ජීවිතය සම්බන්ධයෙන්, චීන ජනතාවට පැමිණිලි කිරීමට අවකාශ සලසා ඇත. එසේම ජනතා ප්‍රශ්නවලට මනාව  සවන් දී ප්‍රායෝගික විසඳුම් ද ලබාදෙයි. බටහිර ආයතනයක් විසින් සිදු කරන ලද ජනමත විමසීමකට අනුව චීන ජනතාව ර‍ජය කෙරෙහි දක්වන  තෘප්තිමත්භාවය සෑම වසරකම සියයට අනූවකට වැඩි අගයක් ගනී. එය චීන ප්‍රජාතන්ත්‍රවාදය සතු බලවත් ජීවගුණය විශිෂ්ට ලෙස පිළිබිඹු කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන