පොදු ජන අපේක්ෂා මල්පල ගැන්වූ චීන-ලාඕස දුම්රිය මාර්ගය
2021-12-04 16:04:50
Share with:

පොදු ජන අපේක්ෂා මල්පල ගැන්වූ චීන-ලාඕස දුම්රිය මාර්ගය_fororder_a8ec8a13632762d0d300094a4bfb8df3513dc62e

බෙයිජිං වේලාවෙන් දෙසැම්බර් 3වනදා පස්වරු 4.44ට, චීන ලාඕස දෙරටේ නායකයින් වීඩියෝ ආකාරයෙන් කළ නියෝගයට අනුව චීන ලාඕස දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කෙරිණ. මෙම ව්‍යාපෘතිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ විසින් ලාඕස ජනතාවට පිරිනමන ලද වටිනා තිලිණයක් ලෙස හැදින්වීම යුක්ති යුක්තය.   වසර පහක ඉදිකිරීම්වලින් නිමැවුණු චීන ලාඕස දුම්රිය මාර්ගයේ දිග කිලෝමීටර් 1,035කි. ඉන් ලාඕසයේ වියන්ටියාන් අගනගරයේ සිට චීනය සමග දේශසීමා මායිම අතර ගමන් කාලය දින දෙකක සිට පැය තුනක් දක්වා අඩු වේ. එනම් උදේවරුවේ වියන්ටියාන් නගරයෙන් පිටත් වී සැන්දෑ වන විට  චීනයේ කුන්මිං නගරය වෙත ළඟා විය හැකිය. ලාඕසය එක් පියවරකින්ම ශීඝ්‍රගාමී දුම්රිය යුගයට පිවිස තිබෙන බව කිවහොත් එය අති‍ශයෝක්තියක් නොවේ.

චීන ලාඕස දුම්රිය මාර්ගය අසීමිත සංවර්ධන අවස්ථා දිනා ගන්නා දුම්රිය මාර්ගයකි. එමගින් ජනතාවගේ ගමනාගමනය බොහෝ දුරට පහසු වන අතර සංචාරක කර්මාන්තය, කෘෂිකර්මය, වාරිමාර්ග සංවර්ධනය හා නාගරීකරණයට ද  හිතකර වනු ඇත.

‍ට්‍රාන්ස් ඒෂියා දුම්රිය මාර්ග ජාලයේ වැදගත් කොටසක් වශයෙන්, චීන ලාඕස දුම්රිය මාර්ගය උතුරින් චීනය, සහ දකුණින් තායිලන්තය හා මැලේසියාව යන ආසියාන් රටවල් සම්බන්ධ කරන අතර චීන ආසියාන් නිදහස් වෙ‍ළඳ කලාපයටත් මෙකෝන් ගංගාශ්‍රිත උප කලාපයේ ආර්ථික සහයෝගිතාවටත් ඵලදායක  වනු ඇත.

චීන ලාඕස දුම්රිය මාර්ගය බලාපොරොත්තු සපිරි මාර්ගයක් ලෙස ද හැඳින්විය හැකිය. වසර 2016 එහි ඉදිකිරීම ආරම්භ වූදා සිට මේ දක්වා ලාඕස ජාතිකයින් පන්දහසක් පමණ ව්‍යාපෘතියට එක් ව සිටිති.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ මෙවැනි ව්‍යාපෘති බොහෝ පොදු ජයග්‍රහණ අත්පත් කරගනිමින් පොදු ජන අපේක්ෂා මල්පල ගන්වා ඇත. එය ගෝලීය පොදු නිෂ්පාදිතය ත්‍යාග කිරීම පිළිබඳ චීනයේ  මූලික පරමාදර්ශය මනාව ප්‍රකට කරයි. එනම්, පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්  ජනතාවට වඩාත් සුන්දර ජීවිතයක් අත්විඳීමට අවස්ථාව  උදාකිරීමයි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන