චීන ජනාධිපතිවරයා චීන ජාතික ආගමික කටයුතු පිළිබඳ රැස්වීම අමතයි
2021-12-04 19:26:45
Share with:

චීන ජාතික ආගමික කටයුතු පිළිබඳ රැස්වීම මේ මස 3 වනදා සිට 4 වනදා දක්වා බෙයිජිං නගරයේදී පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා එම රැස්වීමට එක්වී වැදගත් දේශනයක් පැවැත්වීය.

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආගමික කටයුතු පිළිබඳ චින්තනය හා ආගමික නිදහස පිළිබඳ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් අනුගමනය කළ යුතු බව එහිදී ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එමෙන්ම චීනයේ සමාජවාදී සමාජයට ගලපා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම, ආගමික ක්ෂේත්‍රවල ස්වයං පරිපාලන හැකියාව හා ආගමික කටයුතු නීත්‍යනුකූලව පරිපාලනය කිරීමේ මට්ටම ඉහළ නංවාගත යුතු ය.නවීන සමාජවාදී බලවත් රටක් ගොඩනගමින් චීන ජාතියේ පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය ඉටු කිරීම සඳහා ආගම් අදහන ජනතාව සහ අනෙකුත් ජනතාව නිසි ආකාරයෙන් සම්බන්ධ කරමින් ඊට දායකත්වය ලබා දිය යුතු බවද ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන