ඔලිම්පික් සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය සම්මත කරයි
2021-12-03 15:34:43
Share with:

චීනය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කෙටුම්පත් කළ ඔලිම්පික් සටන් විරාම යෝජනාව, එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය සම්මත කරයි.

ඊයේ (2) සම්මත කෙරුණු එම යෝජනාව රටවල් 173 ක් එක්ව ඉදිරිපත් කර තිබේ. සාමකාමීව සහ රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතුව ජාත්‍යන්තර ගැටළු විස‍ඳන ලෙස එම යෝජනාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට දින 7කට පෙර සිට පැරාලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව දින 7ක් දක්වා එම සටන් විරාම යෝජනාව අනුගමනය කළ යුතු බව සඳහන් ය. මානව සමගිය සහ ශක්තිය මෙන්ම ජාත්‍යන්තර සහයෝගිතාවේ වටිනාකම 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබිඹු කරනු ඇති බවට එම යෝජනාව අවධාරණය කරයි.

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් සටන් විරාම යෝජනාව එක්සත් ජාතීන්ගේ බහුතර සාමාජික රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබීම තුළින්, විවිධ රටවල් බෙයිජිං සීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යායාමයට දැක්වූ අනුබලය පිළිබිඹු වන බව චීනය පවසයි.  ජගත් ප්‍රජාව සමග අත්වැල් බැඳගනිමින්, වසංගතය පරාජයට පත් කර, සාමය උදාකරමින්, පොදු අනාගතයක් කරා  ගමන් කිරීමේ අධිෂ්ඨානය ද ඉන් සංකේතවත් කෙරෙන බව  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් අද (3)පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන