චීන-ලාඕස දුම්රිය මාර්ගය හෙට ( 03) විවෘත කෙරේ
2021-12-02 16:23:49
Share with:

චීන-ලාඕස දුම්රිය මාර්ගය හෙට ( 03) විවෘත කෙරේ_fororder_21a4462309f79052c851a32895a854c37bcbd53b

චීන-ලාඕස දුම්රිය මාර්ගය හෙට(3) විවෘත කෙරේ. එම නවීකරණ දුම්රිය මාර්ගය චීනයේ කුන්මිං නගරය සහ ලාඕසයේ වියන්තියන් නගරය සම්බන්ධ කර ඇත. වසර 5 ක කාලයක් පුරා එහි ඉදි කිරීම් සිදුවිය.

අදාල ව්‍යාපෘතිය, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ දෙරටේ සහයෝගිතාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් වන අතර, පොදු ඉරණම සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැගී‍මේ නවතම සාක්ෂියක්.

2020 වසරේ මුල් කාලයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එවක ලාඕස අගමැති Thongloun Sisoulith මහතා බෙයිජිං හිදී හමුවිය. දුම්රිය මාර්ගය ඇතුළු වැදගත් ද්විපාර්ශ්වීය සහයෝගතා ව්‍යාපෘති ප්‍රවර්ධනය කළ යුතු බව නායක දෙපළ එහිදී අවධාරණය කළහ.

චීන-ලාඕස දුම්රිය මාර්ගය, චීන බහුතර ආයෝජන සහිත, චීන ප්‍රමිතීන්ට අනුව, චීන උපකරණ යොදා ගන්නා, චීන දුම්රිය මාර්ග ජාලයට සෘජුවම සම්බන්ධ කෙරෙන පළමු අන්තර් ජාතික දුම්රිය මාර්ගයයි. එහි දිග කිලෝමීටර් 1,035 ක් වන අතර සැලසුම්ගත වේගය පැයට කිලෝමීටර් 160 කි. එමගින් සන්ද්‍යා කාලයේ දී චීනයේ කුන්මිං නගරයෙන් පිටත් වී උදෑසන ලාඕසයේ වියන්තියන් නගරයට ළඟා වීමට අපේක්ෂා කෙරේ.

එම දුම්රිය මාර්ගය සැලකිය යුතු ලෙස ලාඕසයේ ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇති බව විශ්වාස කෙරේ. ලෝක බැංකුවේ තක්සේරුවකට අනුව, එම දුම්රිය මාර්ගය ලාඕසයේ ආදායමට 21% ක වර්ධනයක් එක් කරනු ඇති අතර, එය එරටේ විදේශ ආයෝජන ආකර්ෂණය දියුණු කරනු ඇත. ඊට අමතරව, ලාඕසයේ සංචාරක කර්මාන්තයට ද ඉන් ප්‍රතිලාභ ගෙන දෙනු ඇත. ලාඕස පුරවැසියන් මිලියන 4 ක් සහ අසල්වැසි රටවල සංචාරකයින් මිලියන 10 ක් වාර්ෂිකව එම දුම්රිය මාර්ගය භාවිත කරනු ඇතැයි තක්සේරු කෙරේ. පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවේ සම්බන්ධය ඉන් ඉහල මට්ටමකට ගෙන යනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන