ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" පැවැත්වීමට ඇමරිකාව සතු විශ්වසනීයත්වය කුමක්ද ?
2021-12-02 20:42:33
Share with:

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ  සමුළුව" පැවැත්වීමට ඇමරිකාව සතු විශ්වසනීයත්වය කුමක්ද ?_fororder_QQ图片20211202200818

ඇමරිකානු මහාද්වීපයේ ආදිවාසීන් ලෙස, රතුඉන්දියානු ජනතාව උතුරු ඇමරිකානු මහාද්වීපයට පැමිණි මුල් සංක්‍රමණිකයන්ට උදව් කර ඇත.එහෙත්, ඔවුන්ට ප්‍රතිචාර වශයෙන් හිමිවූයේ, ජන සංහාරය සහ වෙනස් කොට සැලකීම පමණකි.ඇමරිකානු රජය දිගුකාලීනව ඔවුන් තුරන් කිරීම, බලහත්කාරයෙන් හුදකලා කිරීම, ආධ්‍යාත්මික වහල්භාවය සහ සංස්කෘතික සූරාකෑම යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත.එමගින්, ඇමරිකානු මහාද්වීපයේ මුල් උරුමකරුවන් "වඳ වී යමින් පවතින ජාතියක්" බවට පත් කර ඇත.ඇමරිකාවේ ජාතිවාදය තවමත් පවතී.එය ඇමරිකානු සුළුජාතීන්ට "හුස්ම ගැනීමට නොහැකි" තරම් වේදනාවකි.පසුගිය ඔක්තෝබර් මස අවසානයේ Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද ජනමත විමසුමක් පෙන්වා දුන්නේ ඇමරිකානු ජාතිකයින්ගෙන් 74% ක පිරිසක්, ජන වාර්ගික පීඩන ඇමරිකානු සමාජයේ බරපතල ගැටළුවක් ලෙස විශ්වාස කරන බවයි.

ඇමරිකානු ෆෝඩ් පදනම පැවසුවේ සුදු අධිපතිවාදය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන විශාලතම තර්ජනයක් බවයි.Harvard විශ්වවිද්‍යාලයේ Kennedy දේශපාලන විද්‍යා ආයතනය මෑතකදී සිදුකළ ජනමත විමසුමකට අනුව, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වන බව ඇමරිකාවේ තරුණයන් සියයට 52ක පිරිසකගේ අදහස වී තිබිණ.ඔවුන්ගේම ජනතාව පවා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අසුබවාදී දැක්මකින් පසුවෙති.මේ අනුව, ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්වීමට ඔබ සතු විශ්වසනීයත්වය කුමක්දැයි" ඇමරිකාවෙන් විමසිය යුතුව තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන