චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි
2021-11-29 21:27:26
Share with:

චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි_fororder_1211467408_16382399318901n

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙලට බෙයිජිංහි සිට එක්වෙමින් ප්‍රධාන දේශනයක් පවත්වයි.

එම සමාරම්භක උළෙල අද (29) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

     චීනය හා අප්‍රිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 65 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගත වූ වසර 65ක් තුළ ආධිපතිවාදය හා යටත්විජිතවාදයට එරෙහි අරගල හමුවේ චීනය හා අප්‍රිකාව අතර ස්ථිර සහෝදරත්වයක් ගොඩනැගී තිබේ. දෙපාර්ශ්වය පොදු සංවර්ධනය සඳහා විශේෂ සහයෝගිතා ක්‍රම නිර්මාණය කර ඇති අතර එමගින් නවාකාර ජගත් සබඳතා පිළිබඳ ආදර්ශයක් ගොඩනැගීමට ද හැකි වූ බව ෂී ජින්පිං මහතා පවසයි. චීනය හා අප්‍රිකාව අතර සුහද සහයෝගිතාව, දුෂ්කරතාවන්ට පොදුවේ මුහුණ දීම හා ප්‍රතිලාභ පොදුවේ බෙදා ගැනීම පිළිබඳ පිළිබිඹුවක් වන අතර එය ද්විපාර්ශ්වික සම්බන්ධතා අනාගතය කරා ශක්තිමත්ව රැගෙන යාමේ බලයක් ද වී තිබේ.

අප්‍රිකානු රටවල ගැඹුරු මිත්‍රත්වය චීනයට කිසිදා අමතක නොවනු ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය.

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා පොදු ප්‍රජාව ගොඩනැගීම සඳහා, ෂී ජින්පිං මහතා යෝජනා හතරක් මෙහිදී ඉදිරිපත් කළේය. පළමුව, නව  කොරොනා වසංගතය පාලනය සඳහා එකමුතුවීම සහ අප්‍රිකාවේ එන්නත්කරණය සහතික කිරීමයි. දෙවනුව, ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමයි. විශේෂයෙන්ම වෙළඳාම සහ ආයෝජනයේ පරිමාණය පුළුල් කරමින් දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීම් බෙදාගන්නා අතර ඩිජිටල් ආර්ථිකයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමයි. තෙවනුව, හරිත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමයි. හතරවනුව, සාධාරණත්වය සහ යුක්තිය පවත්වා ගැනීමයි. එනම් සංවර්ධනය වෙමින් පවතින රටවල යුක්තිය සහ ඉල්ලීම් ආරක්ෂා කිරීමයි.

චීනය අප්‍රිකාවට තවත් එන්නත් මාත්‍රා බිලියන 1 ක් ලබා දෙන අතර, එයින් මාත්‍රා මිලියන 600 ක් ආධාර ලෙස පිරිනමන බව ද ජනාධිපතිවරයා පවසයි. සෙසු  මාත්‍රා මිලියන 400ක් චීන සමාගම් සහ අප්‍රිකානු රටවල් ඒකාබද්ධ නිෂ්පාදනයක් මගින් ලබාදෙනු ඇත. චීනය, අප්‍රිකානු රටවල් සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය ව්‍යාපෘති 10 ක් ආධාර ලෙස ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන් 1,500 දෙනෙකු අප්‍රිකාවට යැවීමට පියවර ගන්නා බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

චීනය අප්‍රිකාවේ දිළිඳුකම පිටුදැකීම හා කෘෂිකර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති දහයක් සඳහා සහාය වනු ඇත. අප්‍රිකාවට කෘෂි විශේෂඥයන් පන්සිය දෙනෙකු යැවීමටත් චීන ආයතන හා ව්‍යාපාර මගින් චීන-අප්‍රිකානු සංවර්ධන හා දිළිඳුකම පිටුදැකීමේ ආදර්ශවත් ගම්මාන අප්‍රිකාවේ ගොඩනැගීම දිරිමත් කිරීමටත් චීනය කටයුතු කරනු ඇත. මීට අමතරව, සනීපාරක්ෂක හා සෞඛ්‍ය ව්‍යාපෘති, ගැමියන්ට වාසි සලසන දිළිඳුකම තුරන් කිරීමේ ව්‍යාපෘති මෙන්ම වෙළඳ ප්‍රවර්ධනය, ආයෝජන පුළුල් කිරීම, ඩිජිටල්කරණයෙන් නවෝත්පාදන වර්ධනය, හරිත සංවර්ධනය, හැකියා සංවර්ධනය, මානව හා සංස්කෘතික හුවමාරුව සහ සාමය සුරක්ෂිත කිරීම යන ක්ෂේත්‍ර රැසක ව්‍යාපෘති සඳහා චීනය අප්‍රිකානු රටවල් සමග එක්ව සමීප සම්බන්ධීකරණය පවත්වනු ඇත.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්නයෙන්, මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය සාර්ථක වන අතර එයින් කෝටි 270ක ජනතා බලය එක්රැස් කර, ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකානු ප්‍රජාව ඉදිරියට මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා පැවසීය.

චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි_fororder_1211467408_16382403182261n

  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන