චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර අතර සහෝදර නගර සබඳතාව ස්ථාපනය කෙරේ
2021-11-19 10:49:01
Share with:

චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර අතර සහෝදර නගර සබඳතාව ස්ථාපනය කෙරේ_fororder_W020211117522915622765

චීනය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්ව ඉතිහාසයට තවත් අලුත් පිටුවක් එකතු වී තිබෙනවා. ඒ  2021 නොවැම්බර් මාසයේ 15වනදා චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර සහෝදර නගර සබඳතාව ස්ථාපනයත්  සමගයි.

ඡිංදාඕ නගරය චීනයේ වෙරළ ප්‍රදේශයේ පිහිටි වැදගත් ජාත්‍යන්තර වරාය නගරයක් හා ප්‍රසිද්ධ ‍සංචාරක ස්ථානයක්. එසේම එය,  සුහුරු ගෘහස්ථ විදුලි භාණ්ඩ, කක්ෂ ගමනාගමන පහසුකම්, මෝටර් රථ මෙන්ම යන්ත්‍රෝපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉහළ ශක්‍යතා සතු නගරයක් ද වනවා. චීනය හා ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්ව රාමුව තුළ එම නගරය ශ්‍රී ලංකාව සමග ආර්ථික වෙළඳ සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කර තිබෙනවා. මේ යටතේ, ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධාන නගරය මෙන්ම  ආගමික සංස්කෘතික මධ්‍යස්ථානයක් වන මහනුවර, ආර්ථික, වෙළඳ, සංස්කෘතික, අධ්‍යාපනික හා සංචාරක යනාදී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ඡිංදාඕ නගර සමග සහයෝගීතාවට පැහැදිලි අනාගතයක් හිමි වනු ඇති.

චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර අතර සහෝදර නගර සබඳතාව ස්ථාපනය කෙරේ_fororder_W020211117522915884383

ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාව අතර බැඳීම ක්ෂණිකව ඇතිවූවක් නොවෙයි.  අතීතයේදී පාහියන් හිමි ලංකාවට වැඩමකොට, බෞද්ධ ග්‍රන්ථ ලබාගෙන චීනයට ආපසු වැඩම කළේ වෙරළබදව පිහිටි ඡිංදාඕ නුවරට ගොඩබසිමින්. ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාව අතර සහශ්‍ර වසරක බැඳීමක් ඇති බව මෙයින් කිව හැකියි. වර්තමානයේ ඡිංදාඕ නගරය, ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ ආදර්ශවත් කලාපය ලෙස ගොඩනැගෙන අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ ජගත් සහයෝගීතාවයේ නව වේදිකාවක් ලෙස ද සංවර්ධනය කෙරෙමින් පවතිනවා. ඡිංදාඕ නගරය හා මහනුවර අතර ගොඩනැගී ඇති සහෝදර නගර බැඳීම මත දෙපාර්ශ්වයටම අන්‍යොන්‍ය වශයෙන්  ආයෝජන ප්‍රවර්ධනයටත්, සංස්කෘතික හා සංචාරක සහයෝගීතා පුළුල් කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඡිංදාඕ හා මහනුවර හැරෙන්නට, ෂැන්හයි නගරය හා කොළඹ, ශීනින් නගරය හා කළුතර, යොන්ග්චෞ නගරය හා නුවරඑළිය චීනය හා ශ්‍රී ලංකාව අතර බැඳී පවතින සෙසු සහෝදර නගර සම්බන්ධතායි.

චීනයේ ඡිංදාඕ නගරය හා ශ්‍රී ලංකාවේ මහනුවර අතර සහෝදර නගර සබඳතාව ස්ථාපනය කෙරේ_fororder_W020211117522916063054

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන