චීන කොමියුනිස්ට් පක්ෂය සියවසක් තුළ ළඟා කර ගත් ප්‍රධාන ජයග්‍රහණ‍ හා ‍ඓතිහාසික අත්දැකීම් සම්බන්ධ සංධිස්ථානගත තීරණ
2021-11-11 19:01:00
Share with:

图片默认标题_fororder_ab0f4808b79317f7eda12337330b77fc

චීන කොමියුනිස්ට් පක්ෂය සියවසක් තුළ ළඟාකරගත්  ප්‍රධාන ජයග්‍රහණ‍ හා ඓතිහාසික අත්දැකීම් සම්බන්ධ  සන්ධිස්ථානගත තීරණ සම්මත කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 6 වන පූර්ණ සැසිවාරයේ දී එය සම්මත කර ගැණින.

පසුගිය 8 වෙනිදා සිට අද (11) දක්වා පැවති එම පූර්ණ සැසිවාරයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේ ය. පක්ෂයේ දේශපාලන කාර්යාංශ‍ය වෙනුවෙන් ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ කාර්ය වාර්තාවට සවන් දුන් සැසිවා‍රයේ නියෝජිතයෝ ඒ පිළිබඳව සාකච්ඡා කළහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික නියෝජිත‍ සම්මේලනය 2022 වසරේ දෙවන භාගයේ දී බෙයිජිංහි දී කැඳවීමට අදාළ තීරණ ද චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 6 වන පූර්ණ සැසිවාරයේ දී සම්මත කෙරිණ.

පක්ෂයේ සියවසේ දැවැන්ත ජයග්‍රහණ හා ඓතිහාසික අත්දැකීම් සම්පිණ්ඩනය කිරීම, නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගැනීමේ නව ගමන ආරම්භ කරමින් නව යුගයේදී චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදය අඛණ්ඩව අනුගමනය කිරීමේ  අවශ්‍යතාවකි. එය, චීන කොමියුනිස්ට් පක්ෂය තුළ ෂී ජින්පිං මහතාගේ කේන්ද්‍රීය ස්ථානය සහතික කරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අධිකාරීත්වය හා නායකත්වය ආරක්ෂා කිරීමේ ද අවශ්‍යතාවකි. තවද එය, පක්ෂයේ ස්වයං විප්ලවය ඉදිරියට ගෙන යමින් පක්ෂයේ ප්‍රාණවත්භාවය පවත්වා ගෙන යමින් පක්ෂය විසින් චීනයේ විවිධ ජන වාර්ගික ජනතාව මෙහෙයවා චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනයේ සිහිනය ඉටු කිරීමට අවශ්‍යතාවකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන