චීන ජනාධිපතිවරයා 4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතයි
2021-11-04 21:56:23
Share with:

චීන ජනාධිපතිවරයා 4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 4 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනය පවත්වයි. වීඩියෝ ආකාරයෙන් අද (04) පැවති එම දේශනයේ තේමාව වන්නේ “චීනයේ විවෘතභාවය යන වසන්ත මාරුතයෙන් ‍ලෝකය උණුසුම් කිරීමට ඉඩ දෙමු” යන්නයි.

කොවිඩ් වසංගතයෙන් ඇති වූ අහිතකර බලපෑම් මැඩපවත්වමින් චීනය විදේශයන් කෙරේ විවෘත කිරීමේ වේගය අඩු නොකරන බවත්,  චීනය ඉදිරියේදී සිය විවෘතභාවය අඛණ්ඩව හා වඩාත් ඉහළ මට්ටමින් ඉදිරියට ගෙන යාමේ අධිෂ්ඨානයෙන් සිටින බවත්, හෙතෙම එහිදී අවධාරණය කළේය. ලෝක වෙළඳ සංවිධාන කේන්ද්‍රගත බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය, ජාත්‍යන්තර වෙළඳාමේ අඩිතාලම යි. ලෝක වෙ‍ළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණය නිවැරදි දිශාවකට ගෙන යාමටත්, බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමයේ නම්‍යශීලි සංවර්ධනයටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල නිත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීමටත් චීනය සහය දෙන බව චීන ජනාධිපතිවරයා කියා සිටී. එමෙන් ම ලොව සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට චීනය සැමවිටම කටයුතු කරන බව ද හෙතෙම පවසයි. ඒ සඳහා චීනය වෙළඳ සමබරතාව පවත්වාගෙන යමින් ආනයනය තවදුරටත් පුළුල් කරනු ඇත. එසේම, අන්තර්ජාල වෙළඳාම වඩාත් වර්ධනය කරමින් අන්තර්ජාතික භාණ්ඩ වෙළඳාම හා ප්‍රවාහනය වඩාත් ඉහළ මට්ටම ගෙන යාමට චීනයේ අපේක්ෂාවයි. සිය සංවර්ධනය පමණක් නොව සෙසු රටවල සංවර්ධනය ද සැලකිල්ලට ගෙන චීනය ස්ථිරවම සෙසු රටවල යහපත රැකගැනීමට කටයුතු කරන බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය, ජී-20 කණ්ඩායම හා ආසියාන් සංවිධානය ඇතුළු සංවිධාන සමග එක්ව චීනය සහයෝගයෙන් කටයුතු කරන බවත්,  සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු සෙසු රටවල අයිතීන් ආරක්ෂා කරමින් සිය ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් මැනවින් ඉටු කරන බව චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන