චීනය ලෝක සාමයේ සංවර්ධන කරන්නෙකු, ගෝලීය සංවර්ධනයේ දායකයෙකු හා ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙස‍‍ට කටයුතු කරමින් සිටී --චීන ජනපති
2021-10-25 12:11:51
Share with:

චීනය ලෝක සාමයේ සංවර්ධන කරන්නෙකු,  ගෝලීය සංවර්ධනයේ දායකයෙකු හා ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙස‍‍ට කටයුතු කරමින් සිටී --චීන ජනපති_fororder_c9c708b941668b15ca5be281f07cafe7

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනය එක්සත් ජාතීන්ගේ නිත්‍යනුකූල ආසනය යළි ලබාගැනීමේ 50වැනි සංවත්සර සැමරුම් සමුළුව අමතයි.

සාමය හා සංවර්ධනය මානවයාගේ පොදු ව්‍යායාමයයි. සාධාරණබව හා යුක්තිය පොදු අභිලාෂයයි. ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පොදු අපේක්ෂාවයි. විවිධත්වය මානව ශිෂ්ටාචාරයේ සුන්දරත්වයයි.

රටක සංවර්ධන මාර්ගය ඇගයිය යුත්තේ එය එම රටේ තත්ත්වයට ගැලපෙන්නේ ද නැද්ද යන්නත්, ඊට එම රටේ ජනතාවගේ අනුබලය හිමි වන්නේ ද නැද්ද යන්නත්, එය මානවයන්ගේ සංවර්ධන ව්‍යායාමයට දායකත්වයක් එකතු කළා ද නැද්ද යන්නත් මතය.

මානවයා එකිනෙකාට සහාය හා අනුබල දෙමින් සහපැවැත්මෙන් ජීවත් වෙමින් පොදු ඉරණමක් සහිත පොදු ප්‍රජාවක් ගොඩනැගීම යන ඉලක්කය කරා අඛණ්ඩව පිය තබමින් වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරේ විවිධ රටවල් ගරුත්වය පිළිබඳ ආකල්පයක් දරමින් එම මහ පවුල ආරක්ෂා කළ යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි.

නව ඓතිහාසික ආරම්භයක සිට චීනය ලෝක සාමයේ සංවර්ධන කරන්නෙකු,  ගෝලීය සංවර්ධනයේ දායකයෙකු හා ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙස‍‍ට කටයුතු කරමින් සිටී.

විවිධ රටවල් අත්වැල් බැඳ ගෙන ඉතිහාසයේ නිවැරදි හා දියුණුව පිළිබඳ පැත්තේ සිටිමින් ලෝකයේ තිරසර සාමය හා සංවර්ධනය වෙනුවෙන් ද පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව ගොඩනැගීම ඉදිරියට මෙහෙයවීම වෙනුවෙන් ද නොකඩවාම ප්‍රයත්න දැරිය යුතු  බව චීන ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන