චීන ජනතාව සැමවිටම ලොව විවිධ රටවල ජනතාව සමග එක්ව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා පවසයි
2021-10-25 12:08:10
Share with:

චීන ජනතාව සැමවිටම ලොව විවිධ රටවල ජනතාව සමග එක්ව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා පවසයි_fororder_QQ截图20211025120646

චීනය එක්සත් ජාතීන්ගේ නිත්‍යනුකූල ආසනය යළි ලබාගැනීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් සමුළුවක් පැවැත්වේ.

අද (25) බෙයිජිංහි සිට එම සැමරුම් සමුළුවට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දේශනයක් පැවැත්වීය. මීට වසර 50කට පෙර අද වැනි දවසක චීන මහජන සමූහාණ්ඩුවට එක්සත් ජාතීන්ගේ සියලු නිත්‍යානුකූල අයිතීන් යළි ලබාදීම වෙනුවෙන් 26වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය 2758වැනි තීරණය සම්මත කළ බව හෙතෙම එහිදී සිහිපත් කළේ ය. එම තීරණය මගින් චීන මහජන සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ එකම නිත්‍යානුකූල නියෝජිතයා වන බව තහවුරු විය. ‍එය චීන ජනතාවගේ ජයග්‍රහණයක් බවත්, එය ලොව ජනගහණයෙන් හතරෙන් එකක් සිටින චීනය එතැන් සිට යළි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වේදිකාවට ප්‍රවේශවීමේ සංකේතයක් බවත්, චීන ජනාධිපතිවරයා කියා සිටියේ ය.

චීනය එක්සත් ජාතීන්ගේ නිත්‍යානුකූල ආසනය යළි ලබාගෙන ගත වූ වසර 50 තුළ ස්වකීය සාමකාමී සංවර්ධනය මෙන් ම මානවයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ද  චීනය විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය සඳහා ද ලෝක සාමය හා සංවර්ධනය සඳහා ද චීන ජනතාව සැමවිටම ලොව විවිධ රටවල ජනතාව සමග එක්ව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. වත්මන් කාලයේ කලාපීය ගැටුම්, ත්‍රස්තවාදය, දේශගුණ විපර්යාස, අන්තර්ජාල ආරක්ෂාව හා ජෛව සුරක්ෂිතභාවය වැනි ‍ගෝලීය ප්‍රශ්න රැසක් මතු වී ඇත. එම ප්‍රශ්න විසඳීම වෙනුවෙන් සියලු රටවල් සමග එක්ව වඩාත් ඉවසිලිවන්ත ගෝලීය කළමනාකරණයක්, වඩාත් ඵලදායී බහුපාර්ශ්වික ක්‍රමයක් සහ වඩාත් සක්‍රීය කලාපීය සහයෝගිතාවක් පවත්වා ගෙන යමින් කටයුතු කිරීමට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන