සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුලත කොවිඩ් එන්නත
2021-10-25 14:51:44
Share with:

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුලත කොවිඩ් එන්නත_fororder_prz

සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුලත කොවිඩ් එන්නත ලබාදී අවසන් කිරීමට තීරණය කෙරේ. සෞඛ්‍ය ආරක්ෂක ගුවන් තොටුපල සහ සංචාරක ක්‍ෂේත්‍ර ඇතුළු ඉදිරි පෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබන මස පළමුවැනිදා සිට ලබාදීමට ද කටයුතු කෙරේ. කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කටයුතු සඳහා අදාල උපදෙස් ලබා දුන්නේය. අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ 11 හා 13 ශ්‍රේණි ආරම්භ කිරීමටත් කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කළේය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන