කාබන් විමෝචනය උදාසීනත්වය දක්වා ගෙන ඒමට චීනයෙන් මාර්ග සිතියමක්
2021-10-25 10:08:56
Share with:

කාබන් විමෝචනය උදාසීනත්වය දක්වා ගෙන ඒමට චීනයෙන් මාර්ග සිතියමක්_fororder_微信图片_20211025092726

චීනය නව සංවර්ධන දර්ශනය යටතේ කාබන් විමෝචන උච්චතම අවස්ථාව දක්වා ගමන් කර උදාසීනත්වය දක්වා  ප්‍රවේශවීමේ මාර්ගය සැලසුම් කරයි.

ඉදිරි දශක  වෙනුවෙන්  ප්‍රධාන නිශ්චිත ඉලක්ක සහ ක්‍රියාමාර්ග දක්වමින් නව සංවර්ධන දර්ශනය යටතේ කාබන් විමෝචන උච්චතම අවස්ථාව සහ කාබන් විමෝචන උදාසීනත්ව ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මාර්ගෝපදේශ ලියවිල්ලක් චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව සහ චීන රාජ්‍ය මණ්ඩලය විසින් ඒකාබද්ධව නිකුත් කර තිබේ.

2030 වසර වන විට චීනයේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය උපරිම මට්ටමට පැමිණ, ස්ථාවර වී පසුව එය පහත වැටෙනු ඇති අතර, 2060 වන විට චීනය කාබන් විමෝචන උදාසීනත්වය ළඟා කර ගනු ඇත. ඉන් චීනය පෙර ලබා දුන් ප්‍රතිඥාව ඉටු කරමින්   හරිත, අඩු කාබන් සහ චක්‍රීය ආර්ථිකයක් සම්පූර්ණයෙන්ම ස්ථාපිතවීම සිදුවනු ඇත.

ඉරිදා නිකුත් කෙරුණු ලියවිල්ලට  අනුව, 2025 වන විට පොසිල නොවන බලශක්ති පරිභෝජනයේ කොටස සියයට 20 දක්වා වැඩි කිරීම‍ට සැලසුම් කර තිබේ. එය 2030 වන විට සියයට 25 දක්වාත්, 2060 වන විට සියයට 80 දක්වාත් වැඩි කිරීමට චීනය අපේක්ෂා කරයි. දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වසර 2025 වන විට සියයට 18 කින් අඩු කිරීම ද  සැලැස්මට අයත්ය.

කාබන් විමෝචනය උදාසීනත්වය දක්වා ගෙන ඒමට චීනයෙන් මාර්ග සිතියමක්_fororder_微信图片_20211025092740

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන