චීන ජනාධිපතිවරයා හා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක් වීඩියෝ ආකාරයෙන්
2021-10-25 15:55:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (25) පෙරවරුවේ බෙයිජිං නගරයේ පිහිටි මහජන මහා ශාලාවේදී වීඩියෝ ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමුවිය.

චීන මහජන සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීත්‍යානුකූල ආසනය යළි ලබාගැනීමේ 50 වැනි සංවත්සර දිනය අද යෙදේ. ඊට අදාළ සැමරුම් සමුළුවක් පැවැත්වීමේ අරමුණු වනුයේ  චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව ‍ගොඩ නගා ඇති සුවිශේෂී ගමන සමාලෝචනය කිරීමට පමණක් නොව, නව ඓතිහාසික ආරම්භයක් ගෙන වඩා හොඳ ලෝකයක් ගොඩනැගීම සඳහා පොදුවේ උත්හාස දැරීම සඳහා යැයි ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා සෙසු රටවල් සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ ධජය යටතේ එක්සත් වීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.වසර 50කට පෙර අද වැනි යුක්තියේ දිනයක් නිමිත්තෙන් තමා ඊට උණුසුම් සුබපැතුම් පිරිනමන බව António Guterres මහතා පැවසීය. චීනයේ දියුණුව ලෝකයට අවස්ථා උදාකර දී ඇත. ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන යෝජනාව ගෝලීය සමානාත්මතාවය, සමතුලිත සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඉතා වැදගත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊට පූර්ණ සහයෝගය ලබා දෙන අතර මේ සම්බන්ධයෙන් චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමති බව ඔහු ප්‍රකාශ කොට ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන