ඊශ්‍රායලය යළි ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ ජනාවාස ඉදි කිරීමට පියවර ගනී
2021-10-25 10:56:15
Share with:

ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ ජනාවාස නැවතත් ඉදි කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.

ඊශ්‍රායලයේ ඉඩම් කළමනාකරණ කාර්යාංශය ඊයේ(24) ප්‍රකාශ කළේ, ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරේ ජනාවාස 1355ක් ඉදි කිරීම පිළිබඳ ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි.

ඊශ්‍රායලයේ වාමාංශික පක්ෂය වන Meretz පක්ෂය මෙම තීරණය කෙරෙහි සිය කණගාටුව පළ කළේ ය. Meretz පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ, ඊශ්‍රායල භූමියෙන් පිටත නව ජනාවාස ඉදි කිරීම ඊශ්‍රායලයටම  පෙරළා හානි ගෙන දෙන්නක් බවයි.

පලස්තීන - ඊශ්‍රායල සාම සාකච්ඡා වල ප්‍රධාන බාධාවද වන්නේ යුදෙව් ජනාවාස පිළිබඳ ප්‍රශ්නයයි.

ඊශ්‍රායලය යුදෙව් ජනාවාස ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නතර නොකළහොත්, සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කරන බව, පලස්තීනය අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන