තම ප්‍රමුඛත්වය ගොවීන්ට බව ජනපති කියයි
2021-10-24 16:00:11
Share with:

තම ප්‍රමුඛත්වය ගොවීන්ට බව ජනපති කියයි_fororder_1595252325-Gotabaya_L

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) එක් විය.තමා ගොවීන්ට ප්‍රමුඛත්වය දුන් බවත් ඒ තැබූ විශ්වාසය කඩ නොකරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදා ගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳව ද සොයා බැලීය. අනතුරුව හෙතෙම එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳව නිරීක්ෂණය කළේය.

 ගැඩවිල් පණුවන් යොදා ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන