චීනය Shijian-21 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි
2021-10-24 14:31:15
Share with:

චීනය Shijian-21 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි_fororder_0534ab8ddeaca016419c85a011e450d7

චීනය Shijian-21 චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි.නව චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Sichuan පළාතේ Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉරිදා ගුවන් ගත කර තිබේ.

Long March-3B වර්ගයේ වාහක රොකට්ටුවක් මගින් අභ්‍යවකාශ ගත කෙරුණු චන්ද්‍රිකාව සැලසුම් කළ පරිදි  සාර්ථකව කක්ෂයට ඇතුළු විය.අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීමේ තාක්ෂණයන් පරීක්ෂා කිරීමට සහ සත්‍යාපනය කිරීමට Shijian-21 චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භාවිත කිරීමට නියමිතයි.

මෙම  ගුවන් ගත කිරීමත් සමග Long March වාහක රොකට් මාලාවේ 393 වැනි මෙහෙයුම සනිටුහන් විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන