සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට
2021-10-23 14:59:22
Share with:

සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට_fororder_Ministry_of_Education

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හි ප්‍රාථමික අංශ   ඔක්තෝබර් 25වැනිදා සිට ආරම්භ කෙරේ. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ පසුගිය 21 වන  දින සිට ආරම්භ කෙරිණ.

ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල 1වන ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී ඇත. ඒ අනුව එම පාසල්වල ප්‍රාථමික අංශ ආරම්භ කිරිම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, පරිවේනාධිපතිවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන