යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කිරිම සඳහා රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරේ
2021-10-23 15:12:21
Share with:

යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කිරිම සඳහා රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරේ_fororder_TREE

යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිපත් කිරිම සඳහා රුක්රෝපණ වැඩසටහනක් අද (23) ආරම්භ කෙරේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉපලෝගම රක්ෂිතයේදී අද සිට මෙම රුක්රෝපණ වැඩසටහන ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

අක්කර 80.5ක භුමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් දිනක් තුළ පැළ 25,930ක් රෝපණය කිරීමට එහිදී සැලසුම් කර ඇත.

"හුස්ම දෙන තුරු" ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව "සෑම රණවිරුවෙක් සඳහාම ගසක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී කර ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන