මිහිතලය මත පොදු ජීවන පොදු පැවැත්මක් ගොඩනැගීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි
2021-10-13 15:58:41
Share with:

මිහිතලය මත පොදු ජීවන පොදු පැවැත්මක් ගොඩනැගීමේ අවශ්‍යතාව  චීනය අවධාරණය කරයි_fororder_rBABCmFlkdaATWuMAAAAAAAAAAA003.1000x563

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පෘථිවිය සුරැකීමට ඉවහල් වන අතරම, එමගින් තිරසර මානව සංවර්ධනය තහවුරු කළ හැකි බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව කියාසිටියේ, ඉකුත් 12වැනි දා,  එක්සත් ජාතීන්ගේ ‘ ජෛව විවිධත්ව සම්මුති ’ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 15වැනි සැසියේ රාජ්‍යනායක සමුළුවට වීඩියෝ ආකාරයෙන් එක්වෙමිනි.  මිහිතලයේ චිර පැවැත්ම උදෙසා දැනුම හා ශක්තිය සැපයීමෙන්, ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍යයක් ලෙස චීනය  සිය වගකීම හා යුතුකම ඉටු කරමින් සිටී.

‘ ජෛව විවිධත්ව සම්මුති ’ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 15වැනි සැසිවාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට, පාරිසරික ශිෂ්ටාචාරය තේමා කර ගනිමින් පැවැත්වූ ගෝලීය සමුළුව යි. එහිදී ‘ මිහිතලය මත පොදු ජීවන පැවැත්මක් තහවුරු කරන්නේ කෙසේ දැයි’ චීනය පැහැදිලි කළේය. එය මානවයා මෙන්ම සොබාදහම හා බැඳුණු, ලොව සෑම රටකටම පොදු, හරිත සංවර්ධන දැක්මක් ඔස්සේ ක්‍රියාවට නැංවිය යුතුය.

චීනය, ජෛව විවිධත්වය සංරක්ෂණය උදෙසා ජාතික මට්ටමින් උපාය මාර්ග ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව, ඉකුත් වසර 10 තුළ, දේශීය වන සම්පත හෙක්ටෙයාර කෝටි 7 කට වැඩි භූමි ප්‍රමාණයකින් පුළුල් කිරීමට චීනය සමත් විය. එය ලොව වනාන්තර ව්‍යාප්ත කිරීම පිළිබඳ ඉහළම අගයකි.

ආර්ථික සංවර්ධනය හා පරිසර සංරක්ෂණය සමගාමී ව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ද  ජනාධිපති ෂී ජිං පිං මහතා මෙහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා පවසන්නේ, ජෛව සම්පත්, සංවර්ධන මාර්ග බවට පරිවර්තනය කළ යුතු බවයි. ආර්ථික සංවර්ධනය සමගම පරිසර පද්ධති සංරක්ෂණය කිරීම පිළිබඳ මනා ප්‍රායෝගික අත්දැකීම් චීනය සතු බව, බ්‍රිතාන්‍යයේ Nature සඟරාව ද ලිපියක් මගින් පෙන්වා දී ඇත.

මෙම සැසිවාරය මුල් කර ගනිමින්, ‘ 2020 වසරට පසු ගෝලීය ජෛව විවිධත්ව රාමුව ’ විවිධ පාර්ශ්වයන් සමග සම්පාදනය කිරීම චීනය ඉදිරියට ගෙන යනු ඇත. මිහිතලය මත පොදු ජීවන පැවැත්මක් ගොඩනැංවීම සඳහා ප්‍රමුඛ මෙහෙවරක චීනය නිරත වී සිටී. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන