චීනයට ආපසු පැමිණි ‍මෙන්ග් වන්චෞ මහත්මියට උණුසුම් පිළිගැනීමක්
2021-09-26 10:25:41
Share with:

ඊයේ(25) රාත්‍රී මෙන්ග් වන්චෞ මහත්මිය රැගත් විශේෂ ගුවන් යානය චීනයේ ශෙන්චෙන් බාඕඅන් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟා විය. ඇය ගුවන් යානයෙන් පිටතට පැමිණ එහි සිටින චීන ස්වදේශිකයින්ට ආචාරය දැක්වූවා ය. ගුවන් යානාවේ දැක්වෙන චීන ජාතික ධජය ආසන්නයේ රතු පැහැති ගවුමකින් සැරසී සිටීම සැමගේ නෙත් ආකර්ෂණය කර ගෙන තිබේ.

මෙන්ග් වන්චෞ මහත්මිය ගුවන් ‍තොටුපලේ දී කෙටි කථාවක් කළාය. ඇය සඳහන් කළේ තරු පහෙන් යුත් ජාතික ධජය ලෙළ දෙන ඕනෑ ම ස්ථානයකදී ප්‍රදීපාගාරයක් සේ විශ්වාසය දැනිය හැකි බවයි.  විශ්වාසයට වර්ණයක් තිබෙන්නේ නම්, එම වර්ණය අනිවාර්යයනේ ම චීනයේ සංකේතවත් වර්ණය වන රතු වර්ණය බව ද ඇය කියා සිටියා ය.

ඇයගේ කතාව අවසන්වීමෙන් පසු, එහි සිටි චීන ස්ව‍දේශිකයෝ සාමූහික ව දේශාප්‍රේමී ගීතයක් ගායන කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන