චීනය සමග මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්
2021-09-18 15:08:03
Share with:

චීනය සමග මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක්_fororder_Subhashini Uthpalawanna

චීනය සමග මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලැබිය හැකි බව ප්‍රවීණ මාධ්‍යවේදිනී සුභාෂිණී උත්පලවණ්ණා මහත්මිය පවසයි. ලොව පැරණිතම ශිෂ්ඨාචාරයකට හිමිකම් කියන චීනය, මෑත වසර කිහිපය තුළ ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ද ඇය කියා සිටී.

ඉකුත් වසර හැත්තෑවක පමණ කාලය තුළ කොමියුනිස්ට් පක්ෂය විසින් චීනය ඉහළ දියුණුවක් කරා යොමු කර තිබේ. එම ඉලක්කයන් සාක්ෂාත් කර ගෙන ඇත්තේ දැඩි උත්සාහයෙන් හා අධිෂ්ඨානයෙන්ය. ආසියාවේ දැවැන්තයා ලෙස චීනය නැගී සිටීම ශ්‍රී ලංකාවට ද බෙහෙවින් වාසිදායක බව උත්පලවණ්ණා මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍ර සබදතා පසුගිය කාලය තුළ වඩාත් ශක්තිමත් වී තිබේ. රටට ලැබෙන චීන ආයෝජන විශාල ලෙස වැඩි වී ඇති අතර චීනයේ සහය ලබන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය.

ශත සංවත්සරය සමරන චීන කොමියුනිස්ට් පක්ෂයට සුභ පැතුම් පිරිනමන බව ද   සුභාෂිණී උත්පලවණ්ණා මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන