චීන ජනපති ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ප්‍රධානීන්ගේ සමුළුව අමතයි
2021-09-02 20:52:37
Share with:

චීන ජනපති ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ප්‍රධානීන්ගේ සමුළුව අමතයි_fororder_1127822264_1630586467476_title0h (1)

2021 වසරේ චීන ජාත්‍යන්තර සේවා කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනයේ ගෝලීය සේවා කර්මාන්ත වෙළඳ ප්‍රධානීන්ගේ සමුළුව අද(02) බෙයිජිංහිදී පැවැත්විණ.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් එම සමුළුවේ දී දේශනයක් සිදු කළේය.එහිදී ඔහු සේවා කර්මාන්තයේ විවෘත සහයෝගිතා කෙරෙහි යෝජනා තුනක් ඉදිරිපත් කළේය.එමෙන්ම ජාතික සේවා කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ සංයුක්ති ආදර්ශ කලාපය ලෙසත් විද්‍යා තාක්ෂණ නවීකරණය, සේවා කර්මාන්ත විවෘතභාවය, ඩිජිටල් ආර්ථීකය යන ලක්ෂණයන් සහිත නිදහස් වෙළඳ කලාපය ලෙසත් බෙයිජිං නගරය පත්වනු ඇතැයි ද හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

ඒ ඒ පාර්ශ්වයන් සමඟ චීනය විවෘතභාවය හා සහයෝගිතා පවත්වා අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ ලබා ගෙන සේවා කර්මාන්තයේ සංවර්ධන අවස්ථා පොදුවේ ප්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථීක පුනරුත්ථාපනය හා සංවර්ධනය දිරිමත් කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

චීනය ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළේ සංවර්ධනයට එක් වන රටවල සේවා කර්මාන්තයේ සංවර්ධනයට ලබා දෙන  අනුබලය වැඩි කරයි. සිය තාක්ෂණික වර්ධන ප්‍රතිඵලයන් ලෝකය සමග බෙදා ගැනීමට චීනය සූදානම්ය. සේවා කර්මාන්තයට අදාල විවිධ ක්ෂේත්‍රවල රෙගුලාසී හා ප්‍රමිති සංවර්ධනය ශක්තිමත් කෙරෙනු ඇත. බෙයිජිං නගරය ඇතුළු ප්‍රදේශයන්හි, ඉහල මට්ටමේ ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධීකරණය අත්හදා බැලීම් වශයෙන් සිදු කිරීමට අනුබල දක්වනු ඇති බවත් ඩිජිටල් වෙළෙඳ ආදර්ශ කලාප ගොඩනැගීමට ක්‍රියා කරනු ඇති බවත් චීන ජනාධිපතිවරයා පැවසීය.

චීන රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සංවර්ධනයට අඛණ්ඩව සහය වනු ඇති බවත්, එම ව්‍යවසායන්හි කොටස් හුවමාරු ක්‍රමයේ ප්‍රතිසංස්කරණය ගැඹුරු කරනු ඇති බවත්, බෙයිජිං කොටස් හුවමාරු ආයතනය පිහිටුවන බවත්, නිර්මාණශීලිත්ව සේවා කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ පෙරමුණක් ගොඩනගනු ඇති බවත් ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන