විද්‍යාව හා සත්‍යය පදනම්ව ගෝලීය සහයෝගීතා පැවැත්වීමෙන් නව කොරොනා වෛරසයේ ආරම්භය සෙවීම සිදු කළ යුතු බව ආසියාන් සංගම් නියෝජ්‍ය මහලේකම්වරයා කියයි
2021-08-05 14:16:04
Share with:

විද්‍යාව හා සත්‍යය පදනම්ව ගෝලීය සහයෝගීතා පැවැත්වීමෙන් නව කොරොනා වෛරසයේ ආරම්භය සෙවීම සිදු කළ යුතු බව ආසියාන් සංගම් නියෝජ්‍ය මහලේකම්වරයා කියයි_fororder_foreign news

විද්‍යාව හා සත්‍යය පදනම්ව ගෝලීය සහයෝගීතා පැවැත්වීමෙන් නව කොරොනා වෛරසයේ ආරම්භය සෙවීම සිදු කළ යුතු බව ආසියාන් සංගම් නියෝජ්‍ය මහලේකම්වරයා පවසයි.

ආසියාන් සංගම් නියෝජ්‍ය මහලේකම් Kung Phoak මහතා ඊයේ(4) “වසංගතයට මුහුණ දීම දේශපාලනීකරණය නොකළ යුතුය”යන්න පිළිබඳ ලිපියක් පළ කරමින් මේ බව පෙන්වා දුන්නේය. ඕනෑම දේශපාලනීකරණයකින් ජීවිත රැක ගැනීමේ සැබෑ අරමුණ බිඳ වැටෙනු ඇතැයි හෙතෙම එම ලිපියෙන් සඳහන් කළේය.

නව කොරොනා වසංගතය ලොව පුරා පුළුල් බලපෑමක් ඇති කර තිබේ. විවිධ රටවල් තොරතුරු හා සම්පත් අඛණ්ඩව හුවමාරු කර ගෙන තාක්ෂණ හුවමාරුව යනාදී සහයෝගීතා පැවැත්වීම වසංගතය මැඩපැවැත්වීමට ඉවහල් වන බව ද එම ලිපිය පැවසීය.

වසංගතයට මුහුණ දීම වෙනුවෙන් චීනය විවිධ රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බව එම ලිපියේ සඳහන් විය. ලෝකයේ අනෙකුත් රටවලට සහ කලාපවලට එන්නත් ලබා දීම සඳහා චීනය උපරිම ලෙස උත්සාහ කරමින් සිටින අතර එය සහයෝගීතාවේ සහ මිත්‍රත්වයේ සැබෑ ආදර්ශයක් බව එයින් හෙළි වී තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන