ඇමරිකාව, ජපානය ඇතුළු රටවල් චීන අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම චීන විදේශ අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි
2021-08-05 13:05:27
Share with:

ඇමරිකාව, ජපානය ඇතුළු රටවල් චීන අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම චීන විදේශ අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි_fororder_810a19d8bc3eb13544640ca166e541dbfc1f4409

ඇමරිකාව, ජපානය ඇතුළු රටවල් චීන අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම චීන විදේශ අමාත්‍යවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

ඊයේ(04) රාත්‍රී පැවති 11වැනි නැගෙනහිර ආසියානු සමුළු‍වේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා නැගෙනහිර ආසියාවේ සහයෝගීතාව පිළිබඳව අදහස් පළ කළේ ය. අනතුරුව, ඇමරිකාව, ජපානය ඇතුළු රටවල් සුළු ප්‍රමාණයක් චීනයේ ශින්ච්‍යාං උයිගුර් ස්වායත්තය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය කතා බහට ලක් කළේ ය. මානව හිමිකම් මුවාවෙන් ඔවුන් චීනයට එරෙහිව අපකීර්තිය එල්ල කර තිබේ.

ඒවා ප්‍රතික්ෂේප කරමින්, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කළේ, ශින්ච්‍යාං හා හොංකොං වල කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු බවයි. ඇමරිකාව ඇතුළු රටවල් සුළු ප්‍රමාණයක් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට දෑත් දිගු කිරීම මෙන් ම නින්දා කිරීම, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පවතින මූලධර්මය උල්ලංඝනය කිරීමකි. රටක ස්වෛරීභාවය පිළිබඳ සමානත්වතා මූලධර්මයට ද එය දැඩි හානි කරයි. මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවන් චීනයේ දැඩි විවේචනයට ලක් විය යුතු බව ද ‍විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන