ඩෙංගු මර්දන කටයුතු සඳහා පොලිස් නිල සුනඛයින්
2021-08-04 16:31:03
Share with:

ඩෙංගු මර්දන කටයුතු සඳහා පොලිස් නිල සුනඛයින්_fororder_mosqueto

ජලය එක්රැස් වන අයුරින් පරිසරය අපවිත්‍රව පවත්වාගෙන යන ස්ථානවල මදුරු කීටයන් සිටී දැයි සොයා ගැනීම සඳහා ශ්‍රි ලංකා පොලිසියේ නිළ සුනඛයින් පුහුණු කිරීම සාර්ථක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.

මහනුවර පොලිස් සුනඛයින් පුහුණු කිරීමේ ඒකකය විසින් සිදු කළ පුහුණු වීම් සාර්ථක වී ඇත.

පොලිස් නිල සුනඛයින් වන ජොනී හා රොමා යන සුනඛයන් සාර්ථකව මදුරු කීටයන් හඳුනා ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේ දී ඩෙංගු මර්දන කටයුතු සඳහා මෙම නිල සුනඛයින් යොදා ගන්නා බවත් ඉදිරියේ දී තවත් සුනඛයන් පුහුණු කිරීමේ කටයුතු සිදු කරන බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන